(අජන්ත  කුමාර අගලකඩ)

රට තුළ මතුව ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා චීනය , ජපානය සහ රුසියාව යන රටවලින් ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ .

ඒ සම්බන්ධයෙන් මිත්‍ර රටවල් සමග  සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා  ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමට ප්‍රකාශ කර ඇත .

ඉන්දියානු සංචාරයෙන්  සාර්ථක ප්‍රතිඵල අත් වූ බවත් ,ඇමරිකානු ඩොලර් කෝටි 140 ක පමණ සහනයක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත  .

 ඒ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා  කරගෙන  යන බව සඳහන් කර ඇති මුදල් ඇමතිවරයා දැඩි කොන්දේසි වලට  යටත් නොවි සහනදායී ක්‍රමවේදයකට ගනුදෙනු කිරීමට   අපේක්ෂා කරන බව ද සඳහන්   කර ඇත.