(සුජිත් හේවාජුලිගේ)
විවිධ වගාවන් සඳහා බීජ වර්ග ආනයනය කරන සමාගම්වලටද ඩොලර් ප්‍රශ්නය නිසා යම් යම් බාධා මතුව ඇතැයි ආනයන සමාගම් පවසයි.
මේ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඩොලර් ප්‍රශ්න ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බීජ වර්ග ආනයනය කරන සමාගම්වලට දැනටමත් දැනුම්දී ඇති බවයි.
එලෙස දැනුම් දුන් පසු මහාභාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඩොලර් සපයාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
බීජ වර්ග ආනයනය සඳහා පවතින තත්වය යටතේ මහ භාණ්ඩාගාරය විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දෙන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරි යල කන්නයේ වගාව සඳහා බීජ වර්ග ප්‍රමාණවත් පරිදි ලබා ගැනීම අපේක්ෂාව බවද පැවසූවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශීය බීජත් පොහොර මාෆියාවේම කොටසක් බව මතක තබාගන්න...
ඩොලර් ප්‍රශ්නය ඒකට බාධා... මේකට බාධා නොවෙයි. ඩොලර් වලින් යැපෙන හැමදේකටම බාධා. ඒක අපි දන්නවා.
ඩොලර් අවශ්‍ය නැතිවෙන්න බීජ නිෂ්පාදනය කරන්න බැරිද මහත්තයෝ? හැම එකටම ඩොලර් ඩොලර් නැතිවුණොත් රටත් නැතිවේවි නේද? ඒකට පිළියමක් කරන්න උත්සාහයක් ගන්න..
හැම බීජයක්ම රටින් ගේනවා නම් කෘෂිකර්ම අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව ජනතා මුදලින් නඩත්තු කරන්නේ කුමටද?