IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඩොලර් උන්ඩියල් කරන්න ගිහින් වැඩ වරදි

(ඉන්දිකා රාමනායක)

ඩොලර් අර්බුදයක් රටේ පවතින අවස්ථාවක බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47.000 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබු ඩොලර් වල වටිනාකම රුපියල් 1, 71,55,000.ක් බව විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම උණ්ඩියල් ක්‍රමයට සිදු කරන මුදල් ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ  මෙහෙයුම් ඒකකයේ 01 නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

මුදල් සමඟ එක් සැකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට ආධාර  අනුබලදීම යටතේ සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (4)

ඩොලර් උන්ඩියල් කරන්න ගිහින් වැඩ වරදි

Mo77 Sunday, 15 May 2022 09:22 AM

මේකෙන් වෙන්නේ විදේශගත ්ශ්‍රමිකයන් හා අපනයනකරුවන් ලංකාවට ඩොලර් කියන එක නවතිනවා. ලංකාවේ බැංකු කඩාවැටීමේ අවදානම වැඩියි. රුපියල තවදුරටත් බාල්දු වීමේ හැකියාවත් වැඩි. මේකෙන් වෙන්නේ තවදුරටත් ඩොලර් ලැබීම නැවතිණ එකයි.

:       2       3

Rohana Sunday, 15 May 2022 02:33 PM

ඩොලරය ස්ථාවර අගයක පවත්වා ගැනීමට ගොස් උන්ඩියල් හවාලා වැනි නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රමවලට පෙළඹීමෙන් රටතුළ ඩොලර්, කළුකඩ පෙරටත් වඩා හොඳින් වර්ධනය විය. මේ ක්‍රමය වහා නැතිකර බැංකු ක්‍රමය තුළින් මුදල් හුවමාරුකිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඇතිකළ යුතුයි. ඩොලර් අර්බුදය විසඳීමට මෙයද අතිශයින් වැදගත් ක්‍රියාමාර්ගයකි.

:       3       12

රට එවුන් Monday, 16 May 2022 04:39 AM

මහන්සිවෙලා හම්බකරන ඩොලර් ලංකාව ට ගෙනල්ලා උපරිම මුදලකට මාරු කර ගන්නයි මිනිසුන් රට තුලට ඩොලර් ගේන්නෙ.

:       2       1

Bamunuarachchi Monday, 16 May 2022 09:00 AM

ඩොලර් රුපියල් කරන අය අල්ලන්න ඕනේ නම් කටුනායක එයාර් පොට් එකට යන්න. සර් ඩොලර් තිබෙනවාද කියලා අහන ගොයියෝ ඕන තරම් ඉන්නවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 437 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site