(යොහාන් භාසුර)

තරුණ තරුණියන්ගේ නිපුණතාවයන්, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ඇතුළු දත්ත රැසක් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස ප්‍රයෝජනයට ගතහැකි ‘ඩිජිටල් හැදුනුම්පතක්’ අද (3) හදුන්වා දෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යෝජකයන්ට කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාගැනීම සඳහා මෙම ‘ඩිජිටල් හැදුනුම්පත’ දත්ත බැංකුවක් ලෙස පාවිච්චි කළ හැකි බවත් එය තරුණ තරුණියන්ට සෘජු රැකියා අවස්ථා ලබාගැනීමට උපාංගයක් ලෙස පාවිච්චි කළ හැකි බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා කීය.

ජාත්‍යන්තරව පිළිගැණෙන ‘බ්ලොක් චෙයින්’ තාක්‍ෂණය යොදාගෙන තොරතුරු තාක්‍ෂණ මෙවලමක් ලෙස මෙම ‘ඩිජිටල් හැදුනුම්පත’ නිර්මාණය කර ඇති අතර වයස 15 ට වැඩි වයස 30 ට අඩු පුද්ගලයන්ට තරුණ සේවා සභාව හරහා මෙම හැදුනුම්පත නිකුත් කරයි.  

මෙම හැදුනුම්පත හදුන්වාදීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වේ.