(සුජිත් හේවාජුලිගේ )

ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

රට පුරා මේ වසරේදී මේ දක්වා  වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව65,034කි. 

ජූලි මාසයේ පළමු දින 08 තුළ පමණක් රෝගීන් 9,654ක්ද ඊයේ (08) දිනට පමණක් රෝගීන් 1,300ක් පමණද  වාර්තා වු බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය. 

මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. 

ප්‍රධාන රෝහල් කිහිපයකට ධාරිතාවය උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බවද වෛද්‍යවරයා පැවසීය.