(සුජිත් හේවාජුලිගේ )
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල) ඇතුළත් කරනු ලැබ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළ නැග ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර කොවිඩ් රෝගීන්ට අමතරව ඩෙංගු රෝගීන් තිස් දෙනකුද ඇතුළත් කරනු ලැබ සිටින බව හෙතෙම සඳහන් කළේය.
මෙයට පෙර රෝහලේ ප්‍රතිකාර ලැබූවේ කොවිඩ් රෝගීන් 50කටත් අඩු සංඛ්‍යාවක් බව පැවසූ අත්තනායක මහතා සියල්ල කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බවද ප්‍රකාශ කළේය.
රටපුරා කොවිඩ් සීඝ්‍ර පැතිරීමක් පෙන්නුම් කෙරෙන හෙයින් රෝගීන් ඉදිරියේදී තවත් වැඩි වැඩිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඩෙංගු - කොරෝනා රෝගීන්ගෙන් අයි.ඩී.එච් පිරෙයි