මේ වන විට ඩෙංගු රෝගී තත්ත්වය දැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරන බැවින්, වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක පවතින අධි අවධානම් කලාපවල පවත්වාගෙන යන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය පෞද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල වෘත්තිය පුහුණු ආයතන
අවම තරමේ සති දෙකකට ආසන්න කාලයක්වත් වසා දමා අදාළ පරිශ්‍රයන් පිරිසිදු කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අවතක් එය යොමු විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මේ වන විට ඩිංගු රෝගී තත්ත්වය නිසා බස්නාහිර පළාත ඇතුළු පළාත් රැසක හැත්ත දහසකට ආසන්න ප්‍රමාණයකට නිල වශයෙන් රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇති බවත් මෙම අගය මීට වඩා ඉහළ අගයක පැවතිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
රෝගී තත්ත්වයේ වැඩි වර්ධනයක් ඇති වූ පසුව හෝ සාධිතයන් වැඩිපුර වාර්තා වූ පසුව පාසල් හෝ විශ්ව විද්‍යාල වසා දැමීමෙන් පලක් නොමැති බවත්, මේ වන විට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යාම නිසා සෞඛ්‍ය සේවකයන් පවා දැඩි ලෙස වෙහෙසට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
එසේම රෝගීන්ට ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැති වීම නිසා බොහෝ රෝගීන් රෝහල්වල ඇඳන් යට හෝ කොරිඩෝවේ හෝ සිටින තත්ත්වයක් ඇති බවත් එමඟින් ද රෝගීන්ගේ ජීවිතාව තහනමට පත්වීම ඉඩකඩ වැඩි බවට ඔහු පෙන්වා දෙයි.
මේ තත්ත්වය කෙරෙහි කන්නම අවධාන යොමු කොට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව අදාළ ආයතන වසා දැමීම සම්බන්ධයෙන් කලිනමින් තීරණයක් ගතයුතු බවත් අශ්වයා පලා ගිය පසුව ස්ථානය වැසීමෙන් පලක් නොවන බවට ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු වාදී නම් බන් මොනවා හරි ක්‍රම පාවිච්චි කරලා මදුරුවෝ මර්ධනයක් කරපල්ලා... නැතිනම් නුඹලාගේ ඔය ආයතන වහලා දාලා ඒක කරපල්ලා. ඉස්කෝල වහන්න යන්නේ නැතිව...
කලින් කොරොනා බොරුවට ව්‍යාප්ත කරෙත්... ඔහොමයි රට ලොක්ඩවුන් කරලා අපේ රටේ තිබුණේ ඩොලර් බිලියන ගණනක් රටින් එළියට යැව්වා. දැන් බොරුවට බටහිර බෙහෙත් බලකායට කඩේ යනවා. දෙයක් වෙන්න කලින් ඔය මොවුන්ටත් ඕනෑ බෙහෙත් බලකායට ඕනෑ විදිහට ඩෙංගු ප්‍රමෝට් කරලා කොමිස් ගන්න. හිතන් ඉන්නේ ජනතාව මොඩයෝ කියලා... ඩෙංගු ව්‍යාප්තියට වගකියන්න ඕනෑ. ඒ සම්බන්ධ නිලධාරින් මිනිස්සු මැරුණාම මදුරුවන් පිටින් දාලා ඇග බේරා ගන්නවා. සිගරට්, අරක්කු බීලා මැරුණාම කවදාවත් අරක්කු සිගරට් බීලා කියලා මරණ සහතිකය දෙන්නේ නෑ... හාර්ට් ඇටෑක් හරි වෙන මොකක් හරි දෙයක් කියලා සමාගම් වලට කඩේ යනවා... අපි අලුත් ආණ්ඩුව පත්කර ගත්තේ විශාල වෙනසක් බලාපොරොත්තුවෙන් කලින් අය කරපු දේම කරන්න නොවෙයි...