
(විමුක්ති එස් රුද්රිගූ)
ඉරානයේ රාජ්ය ආයතන යටත් කර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරාන විරෝධතාකරුවන්ට පෙරේදා(13) දැනුම් දුන්නේය.
දිගටම විරෝධතාවල නියැලෙන ලෙසත් ඇමරිකාවේ උදව් ඉතාමත් ඉක්මනින් ලැබෙනු ඇති බවත් ජනපති ට්රම්ප් පැවසුවේය.
ඉරානය හා ඇමරිකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම අවලංගු කළ බවත් විරෝධතාකරුවන් දහස් ගණනක් ඝාතනය වී ඇති අවස්ථාවක ඉරානය සමඟ සාකච්ඡා කළ නොහැකි බවත් ජනපතිවරයා ප්රකාශ කළේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අවස්ථාවන් දෙකකදී මෙම දැනුම් දීම සිදු කළේය.
17 වැනි දිනටත් ඉරානයේ පැවති විරෝධතාවලින් 2000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට තහවුරු වී ඇති අතර එයට විරෝධතාකරුවන් 1850ක්, ඉරාන රජයට සම්බන්ධ පුද්ගලයන් 135ක්, විරෝධතාවලට සම්බන්ධ නැති පුද්ගලයන් 9ක් සහ ළමයින් 9 ක් අයත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම ආකාරයේ (ලංකාවේද ඇතුලුව) ආගමික අන්තවාදීන් භංග වේවා!
මේ වගේ පිස්සෙක් දැක්කමයි. කිසිම විනයක් නැති දේශපාලුවෙක්.
ඵදා ගෝඨාභය ඵලවන්න වැඩිම දායකත්වය දැරුවේ ඇමරිකාව ප්රමුඛ දමිළ ඩයස්පෝරාව වගේම කතෝලික සභාව කියන ඵකත් මතක තියාගන්න. අගරදගුරු කන්යා සොයුරියන් 20 දෙනෙක් දවස ගානේ ගෝඨා ගෝ හෝම් ඵකට එව්වා නේද?