IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ට්‍රම්ප් - පුටින් මුහුණට මුහුණ හමුව අද

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අද (15) ඇලස්කාවේදී පැවැත්වෙයි.

ඇලස්කාව යනු ඇමෙරිකාවට අයත් විශාලතම ජනපදයයි. සාකච්ඡා පැවැත්වෙන්නේ ඇලෙස්කාවේ ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය.

මෙම හමුදා කඳවුර ඇමෙරිකාවට අයත් එකකි. ට්‍රම්ප් සහ පුටින්ගේ හමුව වෙනුවෙන් කඳවුරට විශේෂ ආරක්ෂාවක් ද ලබා දී ඇත.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් උත්සාහ ගන්නේ සිය දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමටත් පෙර සිටය. ඔහු අවස්ථා කීපයකදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවුණු අතර, පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා පැවැත්වීය.

කෙසේ නමුත් එම අවස්ථාවේදී යුද්ධය අවසන් කිරීමට පුටින් උනන්දුවක් දැක්වූයේ නැත. මෙය ට්‍රම්ප්ගේ උදහසට හේතුවක් විය.

දින 12 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාමයකට නොගියොත්, රුසියාවට සියයට 100 ක් තීරුබදු පනවන බවට ට්‍රම්ප් එම අවස්ථාවේදී තර්ජනය කළේය. ඒ, දැනටමත් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධකවලට අමතරවය.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත කළේ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ඒ අනුව හමුව අද (15) ඇලස්කාවේ දී පැවැත්වීමට තීරණය කෙරුණි.

අද දින පැවැත්වෙන සාකච්ඡාවලින් පසුවත්, පුටින් යුක්රේනය සමඟ සටන් විරාමයකට නොගොස්, දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කරන්නේ නම්, පුටින්ට කිසිදු සමාවක් නොදෙන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ට්‍රම්ප් මේ බව කියා සිටියේ යුරෝපා රටවල රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවෙමිනි.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මේ වනවිට සිටින්නේ ජර්මනියේය. සෙලෙන්ස්කී සහ ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස් හමුවී ට්‍රම්ප් සහ පුටින්ගේ හමුව ගැන සාකච්ඡ පැවැත්වීය.

ඉන්පසු ජර්මන් චාන්සලර්වරයාත්, යුක්රේන ජනාධිපතිවරයාත් වීඩියෝ තාක්ෂණයෙන් ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වූහ.

වීඩියෝ තාක්ෂණයෙන් ට්ර්ම්ප් සමඟ සම්බන්ධ වූ සෙසු යුරෝපා රටවල නායකයන් වන්නේ, බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.

යුක්රේනයට අසාධාරණයක් නොවන අයුරින් පුටින් සමඟ ගිවිසුමක් ඇති කර ගන්නැයි ඒ සියලු දෙනා ට්‍රම්ප්ට පැහැදිලි කළ බව ද වාර්තා වේ. යුරෝපා රටවල නායකයන්ගේ සහාය හිමිවන්නේ යුක්රේනයටය.

ට්‍රම්ප් පවසා ඇත්තේ අද (15) ඇලෙස්කාවේ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවහොත්, තමන් මැදිහත් වී, සෙලෙන්ස්කී සහ පුටින් දෙදෙනා මුහුණට මුහුණ මුණ ගස්වමින් සාකච්ඡා කිරීමට ඉඩ සලසා දෙන බවය.



අදහස් (0)

ට්‍රම්ප් - පුටින් මුහුණට මුහුණ හමුව අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 372 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site