
ඉන්දියාවේ බටහිර ගුජරාට ප්‍රාන්තයේ ට්‍රක් රථයක් පෙරළී යෑමෙන් පදික වේදිකාවේ නිදාගෙන සිටි සංක්‍රමණික කම්කරුවන් 15 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
අද (19) අලුයම සිදුවී ඇති මෙම අනතුරෙන් තවත් කම්කරුවන් 06 දෙනකු බරපතල තුවාල ලබා තිබේ.
ට්‍රක් රථය තවත් ට්‍රක් රථයක ගැටීමෙන් පසු රියදුරුගේ පාලනයෙන් ගිලිහී පෙරළී ඇතැයි මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
මෙම කම්කරුවෝ උතුරු රාජස්ථාන් සිට පැමිණ ඇති අතර සේවය කිරීමෙන් පසු නිදා සිටියහ.
තුවාල ලැබූවන් සූරත් නගරය අසල පිහිටි රෝහලකට ගෙනගොස් තිබේ.
ඉන්දියාවේ පදික වේදිකාවල කම්කරුවන් නිදා සිටීම අසාමාන්‍ය දෙයක් නොවන අතර ඔවුන් බොහෝවිට වාහන නිසා සිදුවන අනතුරු වලට ලක්වීමද සිදුවේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිද්ධිය සම්බන්දව සිය කණගාටුව පළ කරමින් පවසා ඇත්තේ ජීවිත අහිමි වීම ඛේදවාචකයක් බවයි.
(බීබීසී ඇසුරිණි)
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රක් එකේ වර්ගෙ මොකක්ද දන්නෑ..
පාරේ නිදියනවා කිව්වට... සමහර විට ඒ අහල පහළ රේල් පාරක් ඇති.. කට්ටියට වැසිකිළි යන්න.
අපේ රටේ ජනතාවගේ සෞභාග්‍යය සහ යහපැවැත්ම හොයන්න එන ඉන්දියාවේ ඇමතිලාට කියන්න තියෙන්නේ, අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද ගැන ඇඟිල්ල දික්කරන්න කලින්, තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය ගැන හොයන්න.