(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව ගම්පහ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම ආයතනයේ උපකාරක පන්තියකට සහභාගි වූ ශිෂ්‍යාවන් පිරිසක් මෙම කැමරාව දැක දෙම්පියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට පැමිණි කර ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා එම කැමරාවේ දර්ශන ජංගම දුරකථයකින් හෝ ලැප්ටොප් පරිගණයකින් සජීවීව නැරඹීය හැකි ආකාරයට සකස් කර තිබූ බව ද සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව එම උපකාරක පන්ති ආයතනයේ හිමිකරු සහ ගුරුවරු ඇතුළු පුද්ගලයන් 10 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති බවත් එය සවිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැඩේ නම් කරලා ඇත්තේ තදබල මානසික රෝගියෙක්... සහ මොහු මේවා අන්තර්ජාලයට දමා ඇති දැයි සොයා බැලිය යුතුයි..
අපේ රටේ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් මේක...
කොහෙද ඔය පන්තිය තියෙන්නේ? ඕක හයි කරන්න වෙන තැනක් හොයාගන්න නැතුව ඇති. මේවාට කොහෙන් හිනාවෙන්ඩද මන්දා?
දැන් බොහෝ විට හයි කරන්නේ මුහුණ හඳුනා ගැනීමට සිවිලිමේ කැමරාවක් සහ කොමෝඩ් එක ඇතුල් පැත්තේ තවත් කැමරාවක් ලෙසයි...
වෙන්න බෑ. පුළුවන්නම් පෙන්නන්න බලන්න ඒකෙ මොනවද පටිගත වෙලා තිබුණේ කියලා..
අප්පා... කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ඉතින්...?
කැමරා හයි කරපු එවුන්ටයි, උන්ගේ පවුල්වල උන්ටයි වැහිනැති හෙන ගහනවා!!!
වැසිකිලි වල කාන්තාවන්ගේ හැසිරීම සම්බන්ධව අමුතුම ආකාරයේ අධ්‍යනයක් කරන්න කාටහරි අරුම පුදුම ආසාවක් ඇතිවෙලා වගේ
වහාම වගකිවයුත්තන් සොයා ආයේ මෙවැනි හිත්පිත් නැති වැඩ නොකරන්නට දඬුවම් දිය යුතුයි.රට ජාතිය පිරිහුණු තරමක්...
සමිත සේනක මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. මෙවැන්නන්ගේ වතගොත ඡායාරූපද සමග සමාජයට නිරාවරණය කිරීම සියලුම මාධ්‍යවල වගකීමක්, යුතුකමක් වුවත් එසේ සිදුනොවීම කණගාටුවකි. එසේ මහජනතාවට දැකගැනීමට හැකිනම් මෙවන් වනචාරයින් සමාජයෙන් මෙවැනි සිදුවීම සදහටම තුරන්කළ හැකිබව අප තරයේ විශ්වාස කරන්නෙමු...
පුතේ ටියුෂන් පංති ගියාට කමක් නැහැ දොට්ට පිලට යන්න ඕන ගෙදර ඇවිල්ලා ......... කෝ හැබැට අර ස්ටාලින් ගුරු පියා. මේවා දකින්න නැතිව ඇති
මේවා කරපු අයගේ ඇඟිලි සලකුණක්වත් හොයාගන්න බැරිද?
කවුරු හරි අසහනකාරයෙක් ගේ වැඩක්...
මෙයට දඬුවම් කළහැක්කේ සිසු දරුවන්ට පමණි. මින්පසුව මේ ස්ථානයේ පංතිවලට නොගොස් මේ කුපාඩියාට දඬුවමක් දීමට දරුවන් මෙන්ම මේවා අනුමත නොකරන ගුරුවරුද කටයුතු කළයුතුයි.
සාක්කුවක තිබූ කැමරාවක් බිම වැටී බිත්තියක ඇලී තිබුණු අතර අත්අඩංගුවට ගත් අහිංසක මනස විකෘති වූ දරුවා නිදොස්කොට...!
මේක ලයිව් කෑම් එකක් නම්.., අනිවාර්යයෙන් හොයන්න පුළුවන් IP ලිපිනය ට්‍රැක් කරලා කාටද බ්‍රෝඩ් කාස්ට් වෙන්නේ කියලා. සුළු දෙයක් මේක හොයන එක.