
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට, හොරගස්මංකඩ ප්‍රදේශයේදී අද (03) යතුරුපැදියක් වැලි පැටවූ ටිපර්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගොස් ඇතැයි දං ඕ විට පොලිසියය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කොටදෙණිය, දංඕවිට ලිපිනයේ පදිංචිව සිටි රුවන් පතිරණගේ රූපිකා ප්‍රසාදිනී නමැති (49) කාන්තාවකි.
මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වැලි පටවන ලද ටිපර් රථයක්, රියදුරුට පාලනය කර ගත නොහැකිව එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී ඇත. ගැටීමෙන් පසු ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන අතුරු මාර්ගයකට පෙරළී ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් යතුරුපැදිය පදවාගෙන ගිය කාන්තාව ටිපර් රථයට යටවී බරපතල තුවාල ලබා ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් ඇය වරකාපොල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd