
(ඉන්දිකා රාමනායක)
ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ පා ගමන මේ වන විට ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොටුව දෙසට ගමන් කරන අතර කොටුව කැලෑ පොළ ආසන්නයේ යොදවා ඇති මාර්ග බාධක හරහා විරෝධතාකරුවන් ගමන් කිරීමට සූදානම් වෙද්දී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් කාරි තත්ත්වය ඇති විය.
මේ හේතුවෙන් මේ වන විට මරදාන සහ ටෙක්නිකල් හන්දිය අවට දැඩි වාහන තදබදයක් ද පවතී.
ඡායාරූප ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ජයවේවා...!
දහසක් ප්‍රශ්න මැද රටට වැඩ කරන ජනතාවට තව තවත් හිරිහැරයක් වෙනවා විනා මේ කුණු ගොඩවල් ටික එකතුවෙලා කරන නාඩගමෙන් වන වෙනත් ඵලයක් නම් නෑ...
රටම බංකොලොත් කරමින් දරාගන්න බැරි ජීවන වියදමට වගකිවයුතු පාලකයින්ට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීම හැර වෙන කළයුතු දෙයක් නැත. අරගලය ඉදිරියටම...!!!
පොලිසියට බලතල තිබෙනවාද? සාමකාමී අරගලවලට බාධා කරන්න... මෙය බරපතල ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්... !!!
සංචාරක ව්‍යාපාරය ගොඩඑන්න පටන් ගත්තා විතරයි. මෙයාලා ආපහු පටන් ගත්තා... රනිල් වගේ උගත්, බුද්ධිමත් මිනිස්සු ඕනෑ රට පාලනය කරන්න. මෙයාලාට දැන් ප්‍රශ්න අඩුවෙන එක ප්‍රශ්නයක්...!
කොහෙද රට ගොඩ ගන්න හදනකොට මේ මෝඩයෝ කඩාකප්පල් කරනවා