රොමේෂ් මධුෂංඛ
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමුළුව වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවත්විණි.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරුණ සමුළුව වෙනුවෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන් , එස්.ශ්‍රීධරන් , ශිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මි ඇතුළු පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම උතුරු පළාතේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණයින් රැසක් සහභාගී වී සිටියහ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.
‘වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වෙලා ඉන්නේ අපේ පක්ෂයේ අපේ ජනතාවගේ ඡන්දය නිසා එදා අපි ළඟට ඇවිත් ඉල්ලා සිටියේ මහින්දව පරාජය කරන්න තමන්ට බලය ලබා ගැනීමට දෙමළ ජනාතවගේ සහය ලබා දෙන්න එසේ නොවන්නේ නම් තමන්ට අඩි 6 ක් පොළව යටට යන්න වෙනවා කියපු කෙනා අද අඩි 6ක් පොළව යටට යවන්න හදපු කෙනා එක්ක එකතු වෙලා මේක විශාල රැවටීමක්.
පසුගියදා අපි නායකයින් රජයේ නායකයින් කිහිප දෙනෙකු හමු වුණා ඒකට අපේ ජනතාව කලබල වෙන්න හොඳ නැහැ ඇයි අරයා හම්බවෙන්නේ ඇයි මෙයා හම්බ වෙන්නේ කියලා අපි ඔක්කකොම හම්බ වෙනවා නමුත් අපි අරන් තියෙන තීරණය එලෙසමයි වෙනසක් වෙන්නේ නැහැ ජනතාවගේ තීරණය තමයි අපි ගන්නේ ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෙදුම්වාදී නඩයේ මේ ප්රකාශයෙන් කියැවෙන්නේ ඔහු නිසැකවම රට බෙදන බව නොවේද.?
කල් යනකොටයි තේරුනේ අඩි 6 පොලව යට යවනවයි කීව මිනිහා අඩි දෙකෙන් පොලවේ හිටගෙන ඉන්න මිනිහට වඩා හොඳයි ලියලා.
මේ මිනිහා මුළු රටම පොලවේ යටටම යවලා තිබෙන්නේ.
මුළු ලොවම රාජපක්ෂ කියන නම ඇසු විගස සෙලවෙනවා. ඇමරිකාවත්, යුරෝපයත්, කපටි ඉන්දියාවත් වෙවුලනවා. ලංකාවේ එවැනි නායකයෙක් සිටීම ගැන අපි සතුටු විය යුතුයි.
නන්දසිරි - අනේද කියන්නේ