(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ටි 56 පතුරම් යෙදිය හැකි  මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් මෝදර ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී මෙරටට පිටුවහල් කරන ලද රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මෝදර චතුර නැමැත්තා අත්අඩංගුවට ගෙන දින 90 රැඳවූම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දි අනාවරණ වූ තොරතුරු අනුව මෙම ගිනි අවි දෙක සොයාගත් බව පොලිසිය කියයි.

සොයාගත් ගිනි අවි දෙක ඉකුත්දා දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ මෙරට නිෂ්පාදන කළ  ගිනි අවිවලට සමාන ඒවා බව පොලිසිය කියයි.

මෙම ගිනි අවි සියල්ලම එකම පුද්ගලයකු විසින් නිෂ්පාදනය කර ඇතැයි සැකකරන බවත් එම පුද්ගලයා සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගිනි අවි අපරාධ සඳහා යොදා ගත්තා ද යන්න සොයා වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද පොලිසිය කියයි.