( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට ලබන 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.
අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් කර තිබෙන ප්‍රදේශයක අධිකරණ නියෝග නොතකා, ආදාහනයට කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් ඉදිරිපත් කරමින් ගොනු කළ පෙත්සමට අදාළව ඥානසාර හිමි ඇතුළු තුනකට නොතීසි නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කළ අනෙක් දෙදෙනා වන්නේ මුලතිව් ප්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය.
අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය අධිකරණ නියෝග නොතකා ආදාහනයට කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළැයි කියමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය කළ පෙත්සම අද (21) සළකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම නොතීසි නිකුත් කරන ලදී.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා , මුලතිව් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, බොදුබල සේනා සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව හබයක් පැවතිණි.මෙම තත්ත්වය තුළ සාමාන්‍ය පුරවැසියන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබිණි.
තත්ත්වය මෙසේ තිබියදී එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ අපවත් වූහ. අපවත් වූ හිමියන්ගේ දේහය මෙම ප්‍රදේශයේ ආදාහනය කිරීමට පිරිසක් සූදානම් වූහ. මෙම තත්ත්වය තුළ ප්‍රදේශයේ නොසන්සුන්කාරී ස්වභාවයක් උද්ගත වූහ. ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පෙත්සම්කරු ද ඊට සහභාගී විය.
කෙසේ නමුත් මුලතිව් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳව මහේස්ත්‍රාත් උසාවියට සැල කිරීම හේතුවෙන් අධිකරණය හිමියන්ගේ දේහය ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහන කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
පෙත්සම්කරු එම ස්ථානයේ සිටියදීම ගලගොඩ අත්තේ ඥානසාර හිමියක් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් පැමිණ හිමියන්ගේ දේහය තහනම් කළ ප්‍රදේශයට රැගෙන ආහ. ඉන්පසු එම ස්ථානයේදී හිමියන්ගේ දේහය ආදාහනය කළේය.
මේ ක්‍රියාවෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත. මීට පෙරද ඒ හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී වසර 6 ක සිර දඬුවම් නියම කෙරිණි. පසුව ජනාධිපති සමාව ප්රදානය කිරීම හේතුවෙන් නිදහස ලැබිණි.
එබැවින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට කලින් බල්ලාව කූඩුවට දමමු...
දැන් රටේ තිබෙන ප්‍රශ්න ගොඩකට හේතුව මේ හාමුදුරුවෝ. සියලු ජාතින් අතර බෙදුම් ඇතිවීමට හේතුවත් මේ හාමුදුරුවෝම තමයි.
සුමන්තිරන් ප්රමුඛ දෙමල ජාතිවාදී දේශපාලකයන් එක් වී යලිත් වරක් හාමුදුරුවන්ව හිරේ විලංගුවේ දමාවිද? මේ කොටි නැටුම් ඉවරයි නොවැම්බර් 16න් පස්සේ... ගෝඨාභය මහත්තයා මේ රටට නිසි නායකත්වය දෙනු නිසැකයි...
හැම ගහටම කොටලා කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටුවාම වන දේ තමයි.
මේ සැරේ නම් අබසරණයි.
මේ හාමුදුරවෝ කරන දේවල් නම් ලැජ්ජයි.
ඥානසාර අපේ හාමුදුරුවන්ව හරි හිසරදයක් මේගොල්ලන්ට.. තවත් අලුත් නාට්‍යක් පටන් ගන්න වගේ අර අදින්නේ... ඔවම තමා රටට සාප වෙලා කැරකැවිල ඇවිල්ල තියෙන්නේ..
මේ හමුදුරුවන් නැත්නම් මෙලහකටත් මේ රටේ සිංහලයන්ට යන එන මන් නැතිවෙලා. එය හොදින් මතක තියාගන්න.
එදා කුඩාපොල හාමුදුරුවෝ 1815 ගිවිසුමට කලින් ඔසවපු සුද්දගේ කොඩිය බිම දැම්මේ "තවම අපි නුඹලට යටත් වුනේ නැහැ කියලා "ඉතින්, අපේ රට, ජාතිය, ආගම තවමත් රැකුණේ, රැක්කේ මේ මහා සඟරුවන බව මතක් කිරීමට කැමතියි.
පන්සලට අදාල ස්ථානයක් නම් ආදාහනය කාලම මොකද වෙන්නේ . අපි සියලු දෙනාම පරිසරයේ කොටසක්නේ. හාමුදුරුවෝ කළ සේවයට පන්සල්වත්තේ ආදාහනය කලාම ඉවසීම වටි. දේහය ටික කලකදී දිරල යනවනේ. සංසාරගමනේදී කීදෙනෙක් ඔය ස්ථානයේ මිහිදන් කරලා ඇතිද?
මේ හාමුදුරුවන්ගේ දඩබ්බර වැඩ හින්දා මම ඉන්නේ කලකිරීමෙන්. හැබැයි, මේ කාරණයේදී නම් වැරදි පක්ෂග්රාහී නඩු තීන්දුවකට එරෙහිව නැගී සිටීමක් නිසා මම උන්වහන්සේ හරියි කියලා හිතනවා.
ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්ස දැන්වත් රටේ නීතියට යටත්ව කටයුතු කරොත් හොඳයි කියල හිතනවා. ලැබුණු ජනාධිපති සමාවටත් අගෞරවයක්...!!!
1, 2, 3, මම මේ ගණන් බැලුවේ අපේක්ෂක පුත්‍රයාට අමතරව කෙතරම් මේ ඉන්නවද කියලයි.. එකක් මතක තියාගත්තොත් හොඳයි. රජුන් පවා අවනත සංඝ සම්මුතියට වෙස්මිනිස්ටර් ක්‍රමයට විදේශිකයන් සැදු අධිකරණයට බලපෑමක් කල නොහැකිය. එසේ වුවහොත් මේ දැන් වී ඇති සේම ජනතා නැගිටීමක් අනිවාර්යයි.
ඔය දැන් දඟලන සුමන්දිරන්ලා යුද්ධ කාලේ නැට්ට අස්සේ ගහගත්තු සුනඛයින් වගේ හිටියේ. යුද්ධයෙන් පස්සෙ 2015 ජනවාරි 8ට පෙර යාපනේ රාජකාරි කළ අයෙක් විදිහට මගේ අත්දැකීම නම් ඒ කාලේ සිංහලයන්ට යාපනේ ඉන්න කිසි ගැටලුවක් තිබුනේ නැහැ. 2015 පස්සේ මොවුන් හා NGO කාරයින් ආණ්ඩු කරන්න පටන්ගත්තට පස්සේ සිංහලයින්ටයි සියලුම අසාධාරණ සිද්ධ වුනේ...
ලබපු ජනපති නිදහස නීතියට පටහැනිව සිද්ධ වී ඇති බවයි හැඟෙන්නේ. එය නිසිලෙස සිදුවුනානම් මොහු මෙවැනි ක්‍රියාවලට නැවත පෙළඹෙන්නේ නැහැ ..
අපේ ලමයින්ට ලංකාවක් ඉතුරු වෙන්න නම් මේ වගේ හාමුදුරුවරු තව 100ක් වත් ඕනෙ.
සිංහලයින්ට උන්හිටි තැන අහිමිවන ලකුණු. දැන් වැරැද්ද හිමිනමකගේ ආදාහනය කිරීමට නොදීම නොවේ, දැන් වැරැද්ද වෙන විදිහකටය. සිංහලය වල කපාගනිමින් සිටි. අසාසිටි සැමට ස්තුතියි.
කොටින්ට උඩ පණින්න කාරණයක් වෙලා වගේ. රටෙත් නැති රටටත් නැති අයටත් සතුටක් වගේ. මේක සිංහල බෞද්ධ රට. ඉතිහාසය පුරාම විහාරස්ථාන වලට දීලු ඉඩම් දැන් වෙත් අන්තවාදීන් මංකොල්ල කාලා. විහාර භූමිය කුඩා වෙලා. ඔව් රටට එකම නීතියක් ඇවිත් මේ නාඩගම් නිවැරදි වන දවස ළඟයි.