
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.
හමුදා සාමාජිකයන් එතුමාගේ සාත්තර මන්තර ජප කරන කෙනකු ළඟට මෙලෙස යැවීමට පුළුවන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන විදිය මින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
හමුදා සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වැරදි වැඩක් බවද ඔහු පැවසුවේය.
හමුදාවේ පහළ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බවත් නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් මේ ආකාරයට යොදවා ඇති බවත් දිසානායක මහතා පැවැසීය.
හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට ගෞරවය ලබා දිය යුතු බවද කිවේය.
ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ආහාර වේල ගැනද ආරක්ෂක ඇමැතිවරයා අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.
පොලිස් නිලධාරීන්ද අද විශේෂ පීඩාවකට ලක්ව සිටින බවත් පොලිස් සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත් අනුර දිසානායක මහතා පැවැසීය.
රටේ කොස්තාපල්වරුන් 17,500 හිඟයක් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි අම්මටත් හදමු හෝටලයක්...
ලොකුම දේසපාලකයින්ට අන දෙන්නේ ඥාණාඅක්කා. අල්ලේ නැටවෙන රූකඩ....
මැල්සිරිපුර උමංදාව කියන පංසලේ වතුවැඩ කරන්නෙත් හමුදා සෙබළුන්...
පොලිසියේ වැඩි හරියක් රටේ දේශපාලුවන් සහ හිටපු දේශපාළුවන් ආරක්ෂා කරන්න දාලා තියෙන්නේ... සාමාන්‍ය මිනිස්සු ඉතින් තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න වෙලා තියෙන්නේ. ගෙදර හොරු කැඩුවොත් හොරා අල්ලන් එන්න කියලා කියන තත්වයක් තියෙන්නේ...
මෙහෙමනේ සහෝ.. රාජකාරි-දේවකාරි කියලා දෙකක් තියෙනවනේ... දේවකාරි රාජකාරිවලට වඩා උසස් වෙන්නේ මේ වගේ වෙලාවටනේ. එහෙම නැතිව අපි කොහොමද බලය රකින්නේ...?
ඕවා මොනවද? අපේ රණවිරුවන් ලවා මොනවද නොකළේ...? ගෙදර මකුළු දැල් කැඩෙව්වා... මල් පෝච්චි වලට වතුර දැම්මා. බේබිලාට කාර් රේස් තියන්න වැලි කොට්ට කරගැහැව්වා.. අනේද කියන්නේ..?
එකසැරයක් මේ අදහස් තියෙන අයටත් රට කරන්න දීලා බලමු... අනිත් පක්ෂ දෙකම රට කාපු හැටි අපි දැක්කනේ...
හමුදාවේ, පොලීසියේ සමාජිකයින් හා ඒ අයගේ පවුලේ උදවිය ඝාතනය කරන එක හොඳයිද?
ඔය ඔක්කොම එකයි... ඔය කවුරුත් බොරු කයිවාරු ගහලා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. නුඹලා කවුරුත් එහෙට මෙහෙට කිය කියා රට කාපියව්...
හලෝ ඥාණා අක්කාගේ හෝටලය පැත්තකට දාලා අන්න එජාප මන්ත්‍රීලා ඉඩම් කොමිෂන් සභාවට අයිති ඉඩම් කොල්ල කනවා. ඒ ගැන කතා කරනවා, ප්‍රශ්න කරනවා නම් කියලා...