(නිමන්ති රණසිංහ)
රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන පෙබරවාරි මස 08 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය අද (07) නියෝග කළාය.
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අසනීපව බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන බැවින් අධිකරණය වෙත රැගෙන ඒමට නොහැකි බවට වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය විසින් මහෙස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.
මෙම සිද්ධියට අදාළව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා ගොනුවේ උදෘත යොමු කර ඇතැයි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දී දෙනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ උප පොලිස් පරීක්ෂක සුභාෂන නැමැති නිලධාරියා විසින් ඉකුත් මැයි මස 19 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙතුමන් එළියට දාන්න... හරිම නින්දිතයි... කුඩු කාරයෝ ළමා අපරාධ අය එළියේ... බුදුදහමට පළමු තැනදෙන්න.
එහෙනම් මේ සිරගත වීමක් නොවෙයි රෝහල් ගතවීමක්...
එයාට ඇති ලෙඩක් නෑ.... ආපහු හිරගෙට යවලා බොරු වෛද්‍ය වාර්තා දීපු වෛද්‍යවරයගේ වැඩ තහනම් කරන්න.