(ටී.කේ.ජී.කපිල )

හොංකොං හි පැවති 12 වන ලෝක තිරසර සම්මන්ත්‍රණයට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පර්යේෂිකාවක වූ වින්දුලා ගම්මන්පිළ ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනය , වසරේ හොදම නිබන්ධනයට වූ සම්මානය දිනා ගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම සම්මන්ත්‍රණය ලෝකයේ සියලුම රටවල් නියෝජනය කරමින් 500 කට අධික පිරිසක් සිය පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කර තිබූ අතර , එය ඉකුත් 21 වැනි  දින සිට 24 වැනි  දින දක්වා හොංකොං නුවර පවත්වා තිබුණි .

වින්දුලා ගම්මන්පිළ මෙහිදී " විදුලි ක්ෂේත්‍රයට හරිත බලශක්ති ක්‍රමවේදය යටතේ සිදු කෙරෙන නව පිවිසුම් තිරසාර ලෙස ඇගැයීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක්" යන මැයෙන් සිය පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර තිබුණි .

වින්දුලා ගම්මන්පිළ ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරුවරියක ලෙස උපාධිය දිනා ගෙන එහි පර්යේෂිකාවක් ලෙස සේවයේ නිරත වී සිටින අතර , මීට අමතරව නීති උපාධිය ද සපුරා , දැනට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවයේ නිරත නීතීඥවරියෙකි .