
(අංජුල මහික වීරරත්න)
අත්පන්දු, කැරම් සහ හොකී ජාතික සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනයක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංකය 2489/48) ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලන පහත පරිදි වේ
- ශ්‍රී ලංකා අත්පන්දු සංගමය (Handball)
- ශ්‍රී ලංකා කැරම් සංගමය (Carrom)
- ශ්‍රී ලංකා හොකී සංගමය (Hockey)
මෙම ක්‍රීඩා සංගම්වල පාලනය, පරිපාලනය හා වෙනත් යම් අත්‍යවශ්‍ය කටයුතු යථායෝගී අයුරින් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා "නිසි බලධාරියා" ලෙස පත් කර ඇත. මෙම පත් කිරීම 2026 මැයි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
මෙම පියවර ගැනීමට බලපෑ ප්‍රධාන හේතුන් ලෙස පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම, නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සම්පූර්ණ කරගැනීම යන කරුණු දක්වා ඇත.
අදාළ ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනයන්හි සංශෝධිත ව්‍යවස්ථාව යටතේ වාර්ෂික මහ සභා රැස්වීම් පවත්වා, නිලවරණයකින් නව නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් එම සංගම්වල සියලුම කාර්යයන් කරගෙන යාම සහ කළමනාකරණය කිරීමේ පූර්ණ බලය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd