
(සුජිත් හේවාජුලිගේ)
නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන ආ බවට චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රධානින් දැඩි පියවරක් ගැනීමට සූදානම් වන බව ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය බුද්ධි අංශවලින් සම්පූර්ණ වාර්තාවක් දැනටමත් ලබාගෙන ඇතැයි පවසන එම ආරංචි මාර්ග ජනාධිපතිවරයා සිද්ධිය කැබිනට් මණ්ඩලයටද ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇතැයි සඳහන් කරයි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු කිසියම්වූ ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දැනගන්නට ඇත.
චෝදනාවට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ එම අමාත්‍ය පදවිය මේ යටතේ අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද සඳහන් වේ.
මෙහි ව්‍යාපාරිකයා කලකට පෙර විදේශගතව ඇතැයි පැවසෙන්නේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අවස්ථාවේදීය.
ව්‍යාපාරිකයා මෑතකදී මෙරටට පැමිණ එම දේශපාලඥයන් මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඇප මත මුදාහරිනු ලැබ සිටියේය.
දේශපාලඥයන් දෙදෙනා එම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන පැමිණ ඇතැයි පැවසෙන්නේ මීට දින කිහිපයකට ඉහතදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුරු වලින් විතරක් නෙමෙයි. මන්ත්‍රීකමෙනුත් පන්නලා දාන්න ඕනෑ. හැබැයි ඉතිං අර පව් කාරයාට ගල් ගසද්දී කිව්ව කතාව තමයි මතක් වෙන්නේ. පව් නොකළ තැනැත්තෙක් පළමු ගල ගසන්න.
මිනීමරුවෙකුට නිදහස දීම... කුඩු කාරයෙකුට ආරක්ෂාව දීම.
තියෙන එක ගලවා කැබි (නට්) එකක් නොදුන්නොත් තමයි පුදුමේ... බලා ඉඳිමු මොකද කරන්නේ කියලා..?
දඬුවම් ලැබුණොත් නම් ආදර්ශයක්... නමුත් මේවා අපේ රටේ වෙනකම් බලා හිටිය මිනිසුන් මැරුණු තැන්වල දැන් ගසුත් හැදිලා...
ජාවාරම්කාරයා බැය ගාණකින් ගෙදර ගියාලු... ඉතින් රාජ්‍ය ඇමැතිට මොනවා වෙන්නද?
පට්ටම ගැගවෙන්නේ නැහැ. අවනීතිය සහ කැලෑනීතිය තමයි දැන් රජයන්නේ.. එක රටක්, එක නීතියක්... මේ රජයේ ලොකුම ප්‍රෝඩාවලින් එකක් පමණයි...
මේ ගොල්ලන් හීනෙන් අවදි වුනේ කවද්ද? ඒ දෙන්න ඊට පහුවෙනිදාම ජනපති තුමාගේ නියෝගයකින් අගමැතිතුමාගේ අනුමැතිය ඇතුව එළවලා හිරගෙට දැම්මා නොවැ... මතක නැද්ද අර බන්ධනාගාරේ හිරකරුවන් දණගස්සපු හාදයාට, ගෑස් ප්‍රශ්නයට වගකියන්න ඕනෑ උන්නැහේට දුන්නු දඬුවම්... සිංහලයාට ඉක්මණට අමතක වෙන එක ඇත්ත.. නමුත් ඔය වගේ හොඳ දේවල් ඔයතරම් ඉක්මනට අමතක කරන්න එපා. එහෙම කළොත් අපට ඔයාලත් ආණ්ඩු විරෝධීන්ගේ කුලකයට දමන්න වෙනවා.
ජනාධිපතිතුමා කොච්චර හොඳ කළත් මේ වගේ හරක් නිසා රටට විනාශයක්මයි වෙන්නේ. ඇමැතිකම්වලින් නෙමෙයි, කූඩුවට දාන්නයි තියෙන්නේ...!!!
එතනෝල්, අනේ විහිළු නොකර ඉන්න හලෝ... අපි නොදන්න මොනරතැන්න...
හීනයකින්වත් වෙන්නැති දෙයක්..!
කිසිම දෙයක් සිද්ද වන්නේ නෑ .ඒත් අපට මතකයි පොල්ගම්පල කියලා කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් තම මන්ත්‍රී වරප්‍රාසාද උපයෝගී කොට ගෙන තම යාලුවකු ජපානයට නීති විරෝදී ආකාරයෙන් රැදවීම නිසා මන්ත්‍රී ධූරය අහෝසී කල. ඒ නිසාම එම පක්ෂය හිමි මන්ත්‍රී ධූරයක් අහිමිවුවද නීතිය ඉදිරියෙන් සිටියා,හො රැන් රකින විට නීතිය ගවු ගනනින් ආපස්සට යනු ඇත ඒ වගේම මා අසා තිබුනා.කලකට ඉහත ලෝක වාර්තා විශාල ප්‍රමාණයක් බිද දැමීමට උත්සාහ කල අයකු නීතිවිරෝදී ක්‍රියාවක් හේතුවෙන් ඔහුගේ වෘත්තීය අහෝසි කල බව. මෙහි එක් මන්ත්‍රී කෙනකූ නීතිඥයකු බව කියවෙන නිසා නීති සංගමය ඔහු ගැන ක්‍රියා කරයිද?
ජනපති, අගමැති කතා.. මේවා තමයි ලෝක විහිළු. පවුලට කඹුරන කෙනෙක් නම් ගොඩ. විරුද්ධ කෙනෙක් නම් දඬුවම්. ඕක තමයි රාජපක්ෂ න්‍යාය.
මේ හැම දේශපාලන සෙල්ලමක් පිටුපසම මාධ්‍යයත් ඉන්නවා. ඔන්න එහෙනම් දැනගන්න කවුද කියලා "අරුන්දික ".... මිනිස්සුනේ, තොරතුරු දැනගැනීමේ අයිතියට මාධ්‍යයයි ඉදිරිපත් වෙන්න ඕනේ...
එක්කෙනෙක්ව නම් කුඩුත් එක්කම අල්ලපු ගමන් අයියලා, මල්ලිලා හෙලිකොප්ටර් වලින් ගෙදරට ගිහින් බදාගෙනම තරවටු කළා අපට මතකයි. තව එකෙක්ගේ තිබුණු මරණ දඬුවම අයින් කරවලා සංස්ථා සභාපතිකමක් දුන්නා. මම හිතන්නේ මේකටත් එහෙම කරයි කියලා...
පට්ටම ගැලවෙන එක කෙසේවෙතත් උසස්වීමක් ලැබෙයි. නීතිය, සාධාරණය හරියට ඉෂ්ට වෙනවා නම් ඔය දූෂිත දේශපාලුවන් හැම එකෙක්ම ඉන්න ඕනෑ මහඋළුගෙදර... අපේ රටේ එහෙම වෙනවා නම් ලෝක පුදුමයක්...
එක්තරා කොට්ඨාසයකට හොරකමට ඉඩ දෙන රටක්. ලෝකයේ දුෂිතම රට වෙනවා කවදා හෝ
නිකන් නාඩගම් විතරයි... සර්ට බෑ මුකුත් කරන්න...