
මුදිතා දයානන්ද
පරිසර විනාශයන් පිළිබඳ ව්‍යාජ පුවත් පළකරමින් ජේවීපී පරිසරවේදියෝ නමින් පවත්වාගෙන යන ෆේස් බුක් පිටුව සම්බන්ධයෙන් විමර්ශන කර එය පවත්වාගෙන යන්නන් කවුදැයි ජනපතිට හා රටට හෙළිදරව් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (21) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ සම්බන්ධයෙන් මීට පෙරත් අවස්ථා ගණනාවකදි පැමිණිලි කර ඇති නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම් කර නැති බවද පසුගිය 18 වැනිදා ෆේස් බුක් ආයතනයටද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
(ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd