(බිඟුන් මේනක ගමගේ)
දේශපාලනයේදී මතවාදීව එක්විය හැකි ක්‍ෂේත්‍ර හඳුනාගෙන එකට වැඩ කිරීමට දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පොදු එකඟතාවයක් අද(11) ඇතිකරගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලංකාදීපයට කීය.
මෙම එකඟතාවයට පැමිණියේ 20 වැනි සංශෝධනයට දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පවත්වන සාකච්ඡා මාලාව යටතේ දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ පැවැත් වූ සාකච්ඡාවේදී යැයි ද දිසානායක මහතා කීය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සියලු දෙනා සාධාරණ ලෙස බලයට හවුල් කරගැනීම යන කාරණා ගැන මෙහිදී සාකච්ඡා වී යැයි කී හෙතෙම ප්‍රධාන යැයි කියන දේශපාලන ව්‍යාපාර දෙකම පිරිහී ගොස් ඇති පසුබිමක නව දේශපාලන ප්‍රවණතාවයක අවශ්‍යතාව ගැන දෙපක්ෂයේම නායකයන්ගේ අවධානය යොමු වී යැයි ද අවධාරණය කළේය.
ජනතා විමුක්ති පෙරමුණටත් දෙමළ ජාතික සන්ධානයටත් දේශපාලන පක්ෂ හැටියට ඇතැම් කරුණු ගැන මතභේද පැවැතිය ද මතවාදීව එක්විය හැකි තැන් ද ඇතැයි ද දෙමළ ජාතික සන්ධානය ද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මතවාදීව සහාය දැක්වීම යහපත් තත්ත්වයක් යැයි ද ඒ මහතා පැවසීය.
ඒ අනුව රටේ දේශපාලනයේ නව දිශානතියකට ගෙනයන වැදගත් සාකච්ඡාවක් පැවැත්වීමට පක්ෂ දෙකටම හැකි වී යැයි ද දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා දිසානායක මහතාගේ අදහස් අනුමත කළ අතර මීට පෙර බලය බෙදීම ගැන ජනපතිවරයා හා අගමැතිවරයා සමග පැවැත් වූ සාකච්ඡා ගැන ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් කළේ යැයි කීය.
රටේ දේශපාලනය නිවැරැදි මාවතට ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය එක්ව වැඩ කළ යුතු යැයි කී හෙතෙම එය ඉදිරි කාලයේදී නිසැකයෙන්ම සිදුවන්නේ යැයි ද සම්බන්ධන් මහතා අවධාරණය කළේය.
පැයක පමණ කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක ආර්.සම්බන්ධන්, එම්.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෛකලනාදන්, ටී.සිද්ධාර්ථන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙගොල්ලන් එකතුවෙලා එක පක්ෂයක් හදාගෙන දේශපාලනයට ආවා නම් හොඳ නැද්ද?
කේ.ඩී ලාල්කාන්ත... මොන සිහියෙන්ද?
හොඳ ප්රවනතාවයක්...
සිරිපාදේ නම වෙනස් කරන්න ගියපු එක ගැන සහෝදරයා දැකල නැහැ වගේ පල්ලියක් ළඟ හිටගෙන හිටියත් සහෝදරයට ආරංචි වෙනවා.
දැන් ඉතින් මහින්ද මහත්තයත්, සම්බන්ධන් මහත්තයත්, සහයෝගය දේවි. ජවිපෙ 6ක් තියෙනවා. පරක්කු නොවී විස්ස ගේන්න.
බලයට එන්නත්, රටට වින කරන්නටත්, මොවුනට කළ නොහැක්කක් නොමැත.
"යාදෙක නොරත රත" කියන්නේ බොරුවක්ද එතකොට?
දැන් යන එනමන් නැතිව ඉන්නේ. කා එක්ක හෝ පුට්ටු වෙන්නයි හදන්නේ.
රෝහණ සහෝදරගෙන් අහලකින්වත් තියන්න බැහැ මෙයාව. නොසැලෙන ප්‍රතිපත්ති තිබුන ජවිපෙ අද ගඳ ගහන දේශපාලනයට ඇවිත්. මතෙන් තොර එක අරමුණක් වෙනුවෙන් සියලු දේ කැපකර පරාර්ථකාමී අදහස් තිබුන ජවිපෙ සාමාජිකයෝ දැන් ඒ උතුම් අරමුණු කෙසේ වෙතත් බීලා වාහන එලවල මිනිස්සු හප්පලා දාන, ධනවාදයට මුක්කු ගහන ඇදයක් වෙලා. විදේශීය බහුජාතික සමාගම්වල විනාශයට විරුද්දව නැගිසිටපු ජවිපෙ, අද කිරිපිටි මාෆියාවට එරෙහිව කිසිම හඩක් නගන්නේ නැහැ..