(ශාන්ත චන්ද්‍රසිරි)
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබීය.
ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා මෙසේ ජීවන් තොණ්ඩමාන් මහතා අත්සන් කෙරිණි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් හා නීතිඥ මඩුල්ලක් ඉදිරියේ ජීවන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් තබන ලද අතර එම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරුන්වන ඒ. පී. ශක්තිවේල්, මරදපාණ්ඩි රාමේෂ්වරන්, නීතිඥ පී. රාජතුරෙයි ඇතුළු තොණ්ඩමාන් පවුලේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
හොද්දේ රස දන්නේ උයන කෙනා කියනවා නේ ...
අනේ කල්ලතෝනියන් වගේ තමයි...
අනේ රටකට ගිය කල තම පියා පාර්ලිමේන්තුවට ගිය කියලා පුතාත් පාර්ලිමේන්තුවට යන්ඩම ඕනද? කිසිම දැනුමක් නැහැ පාර්ලිමේන්තුව ගැන මොනවද කරන්නේ මොනවද වෙන්නේ කියලා කිසිම දැනුමක් නැහැ...
රටේ මිනිස්සුන්ගේ මොලේ කලඳක් තියනවනම් කොවිඩ් අස්සේ රටේ නායකයෝ මේ කරපු පහත් වැඩේම ඇති උන්ව ලබන චන්දෙදි ගෙදර යවන්න. දැන්වත් රටට විකල්පයක් අවශ්‍යයි. හෙන හතම වදින්න ඕනෑ.
දියවන්නාවට යන තවත් පෝතකයෙක්...
කොරෝනා නිරෝධායන නීතිත් කඩාගෙන ජයටම බත කාපු බලලා ඔය පැන්නේ මල්ලෙන් එලියට? ඇත්තම කියනවා නම් ලංකාවේ ඉන්න මීහරක්ව පානයට මෙවැනි දක්ෂ දේශපාලකයින්ව තමයි පත්කළ යුත්තේ. අර කොඩියට පමණක් සිංහයාව ඇඳගෙන තමන්ට නොමැති පෞරුෂයක් සතෙක් ලව්වා ආරුඩ කරගන්න තටමන, සිංහ හම පොරවා ගත්ත නරි රැල කොහෙද කියලයි මම මේ හොයන්නේ? දැන් ඉතින් කොහේ හරි හැංගිලා ඉඳලා සද්දෙට හූ කියයි මටත්? බොරුව ඉදිරියේ නැට්ට බඩයට ගහ ගෙන කට වහගෙන ඉන්න මොවුන්ට ඇත්ත ඇහෙද්දිනේ නැට්ට උස්සගෙන හු කියාගෙන බෙරිහන් දෙන්නේ? අවමගුල් ජයට සමරලා පොසොන් උත්සවය සමරපු හැටි දැක්කම, ලැජ්ජයි, මෙවුන් ගැන...
තොන්ඩමන්ගේ පකෂයත් පවුල්වාදී පක්ෂයක් නිසා පොහොට්ටුවටම හොඳටම ගැලපෙන බව පෙනෙනවා .
දුරස්ථභාවය ඒ ගොල්ලන්ට ඔට්ටු නෑ කියන එක නැවත වතාවක් පෙන්නුවා නේද ? දැන් සතුටුද ?
ජීවන් තොන්ඩමාන් මහතා, මේ තනතුරත්, ඔබලාගේ පරපුරෙන් පරපුරට යන එකක් වගෙයි පේන්නේ. ඒක වතු ද්‍රවිඩ ජනයාගේ බුද්ධියේ හාස්කම.... ඒක එහෙමයි කියාමුකෝ. ඒත්, ඔබ ආරම්භයේදීම කළු ලප ඇතිකරගත් කෙනෙක්. ඒක ඔබගේ වතු කම්කරු ජනතාවගේ කැමැත්ත වැඩියෙන් දිනාගැනීමේ ක්‍රමයක් වෙන්න ඇති. ඒවගේම, අපගේ සෞඛ්‍ය අංශයේ ප්‍රධානියෙකු හට ඔබගේ බලවතෙකු තර්ජනය කරා කියලා රාවයක්ද තිබුණා. සමහරවිට ඒ ඔබද දන්නේත් නැහැ. ඒ කෙසේ වෙතත්, ඔබගේ තනතුරේ හයියෙන් හා වතු ද්‍රවිඩ කම්කරුවන්ගේ බලය අනිසි ලෙස යොදාගෙන රටට අවැඩක් කිරීමට නොසිතීම ඔබගේ යුතුකම හා වගකීමයි. එය කොයි කාගේත් යහපත පිණිස වන්නේය.
කිව්වෙනම් උගතුන්ට තැන දෙනවා කියලා...
පහුගිය දවස්වල හැසිරීම් විලාශය බලපුවාම පුතා අණ්ඩයෙක් බව පේන්ඩ තියෙනවා…. වතුකරයේ අහිංසක කම්කරු ජනතාවට දෙවියන්ගේම පිහිටයි!
දැන් වෙනස්. බොහෝ දේ අවබෝධ කරගෙන වගේ. ඒත්, ඕනම දවස් වල මුඛ ආවරණ දමා තිබුණේ නැහැනේ.... ගිය දේවල් ගියාවේ. හොඳින් වැඩ කටයුතු කරගන්න. ඒවාගේම සියයට සියයක් ම ලාංකික වන්න. ඔබට සුබ පැතුම්...!!!
පරපුරෙන් පරපුරට යන ශ්‍රීලංකා දේශපාලනය.. වෙනස් දැක්මක් කෙසේනම් බලාපොරොත්තු වෙන්නද?තාත්තලාගේම පුත්තු පත්වෙනකොට..මෙය තොන්ඩමන්ලාට පමණක් නොව අනිකුත් පිය පුතුන්ටත් අදාලය.
බලයට කොච්චර කෑදර ද කියනවනං අම්ම තාත්ත මරාගෙන වුණත් එය ලබාගන්න කැමති කාලයක් .
තාත්තාගෙන් පුතාට යාමෙන් දුෂණය වැඩිවෙන එක විතරයි වෙන්නේ . මළගමට කරපු පෙරෙට්ටු වලින් චන්ද ප්‍රචාරය ලැබුනානේ. මේ මිනිස්සු හොඳට කොළඹ ඉඳගෙන වතුවල වැඩ කරන ජනතාවට බොරු පොරොන්දුදීල මල්ල පුරෝගනී .
අප්පා කරපු දේම තමයි පුතා කරන්නෙත්... වතුකරෙ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි..
කොහොමද මුට්ට කාසියේ හයිය...? අපේ ලොක්කන් තියෙන සේරම දෙපරන්ද අස්සේ ගහගෙන යටත් වුණා නේද? රජුන් තනන්නේ මේ වගේ අඳ බාල දේශපාලකයින්ද?
තොන්ඩමන් මහත්තයෝ, මේ රටේ ජීවත් වෙන නිවට, නියාලු, දේශපාලකයින්ට ගැතිකම් කරන බහුතර සිංහල බෞද්ධයන් අතර ඔබතුමා ඇත්තටම රජෙක්... ජාතිය ආගම උගසට තබා, බලයට වලිකන මේ තුප්පහි සිංහලයින් අතර සුළුතර වතුකරයෙන් බිහිවූ නුඹ ඔබගේ ජාතීන්ට මැණිකක්. අනිවාර්යයෙන් ඔබගේ ජනතාව ඡන්දය දමාවි.. ප්‍රශ්නය පවතින්නේ මොවුන්ගේ ජානවලමයි. නමුත් දොස් නගන්නේ අනෙකුත් ජාතීන්ට හා අන්‍ය ආගමිකයින්ටයි. ජන්මයේ වැරැද්ද? වෙන මොකක්ද ? පොසොන් එකට ආරාමයේ හෝ ගෙදර තියන ලයිට් එකත් නිවලා, රටට පේන්න බෝ ගහේ බල්බ් වැලක් එල්ලලා වකුටුවෙලා නිදාගත්තු ඔබලාට තෙරුවන් සරණයි!!
අර මොලේ කලඳක් නැතිව උගත්කම විතරක් තියෙන ජීවන් කෙනෙකුත් පසුගිය දවස්වල ගොන් කතා කියකියා හිටියේ. මෙයා එහෙම නොවුනොත් හොඳයි.
මේ අයට මේ රටට හෙන ගැහුවත් කමක් නැහැ.. ඒ අයට ඕනෙ බලය, සැප ගන්න. වතු කම්කරුවට කළ දෙයක් නැහැ. අහිංසකයින් හැමදාම දුප්පත් අසරණයන්. අපිට මේ පක්ෂ වලින් සෙතක් වෙලා නැහැ. රණවිරුවා ඩඩ්ලි ඉස්සරහ කොරවුණා. පටන් ගත්තේ හාල් මාෆියාව දණගස්සනවා කියලා...
වියත්මගේ එක්කෙනෙක්ලු...
හා.. පොදුජන පෙරමුණෙන් නම් කමක් නැහැ.. එහෙනම් එයා දේශප්‍රේමියෙක්...
මොනා දන්නවද? මොනාද කරලා තියෙන්නේ... දේශපාලනේ බූදලේ කරගෙන තාත්තගෙන් පුතාට, දුවට, බිරිඳට ... පස්සේ හත්මුතු පරම්පරාවම ගොඩදාගන්නවා...
අනේ ඕන කෙනෙකුටත් ජනාධිපති වෙන්න පුළුවන් කියල 2015 පෙන්නුවා නේද?