IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජලාශ ප්‍රදේශවලට දෙවැනි දිනටත් කෘතිම වැසි

(රංජිත් රාජපක්ෂ)

                      කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඊයේ (22) ආරම්භ කළ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතියේ දෙවන දින කාසල්රී ජලාශ ජල පෝෂක ප්‍රදේශයේදී අද (23) ක්‍රියාවට නැංවීය.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ඊයේ (22) ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානය යොදා ගනිමින් සාර්ථකව සිදු කළේය.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි කෘතිම වැසි ඇති කිරීමේ පේටන් බලපත්‍රය හිමි සමාගමක් මෙම කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මෙම නියමු ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ වල දින 14  පුරා සිදු කිරීමට නියමිතය.

 

 



අදහස් (12)

ජලාශ ප්‍රදේශවලට දෙවැනි දිනටත් කෘතිම වැසි

nilu Saturday, 23 March 2019 12:43 PM

ඇත්තටම වැස්සද?

:       0       4

weerakonSunday, 24 March 2019 01:08 PM

පළමු දවසට වැඩියෙන් දෙවන දින වැස්ස ලැබුණා... නමුත් අගලක්වත් ජලාශ පිරෙන්න වැස්ස වැටුනේ නැත.

:       1       7

AmaraMonday, 25 March 2019 09:08 AM

වැස්ස වැස්සන්ද ගිය වියදම ලක්විජයෙන් විදිලිය නිපදවූ ව නම් වොට් කීයද?

:       0       0

sena Saturday, 23 March 2019 12:43 PM

අගල් කියක් වැසි වැටුනද කියන එක වාර්තාවට අඩංගු උනානම් අපිට දැනගන්න තිබුනා මේ ව්‍යාපෘතිය ඵලදායක එකක්ද නැද්ද කියන එක.

:       0       50

sachith Sunday, 24 March 2019 02:34 AM

පලවෙනි දවසෙනම් හොදට වැස්සා ගොරව ගොරව. කොහොමත් අගල් 30 එහා වැස්සක් වෙන්න ඕන.

:       0       18

Perakum Sunday, 24 March 2019 08:58 AM

මේවා නිකන් කරුවලේ අතගානවා වගේ වැඩ. සමකය අසල තියන අපේ රටේ ඇති තරම් සූර්ය බලය නිපදවන්න හැකියාව ඇතත් ඒවා නොකරන්නේ මොන කරුමයකටද? කොමිස් මදිකමද?

:       0       103

JayaSunday, 24 March 2019 10:21 AM

අනිවාර්යයෙන්. සූර්ය පැනල සවිකරපු ගෙවල් ලක්ෂයක් තිබ්බොත් ඔය හිඟය දවල්ට පියවගන්න පුළුවන්. 5KW x 100,000 = 500MW ඒ කියන්නේ අලුත් නොරෙච්චෝලේ බලාගාරයක් හැදුවා වගේ... ආණ්ඩුවට බලාගාරය හදන්න ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නේත් නෑ. කරන්න ඕනෑ. එකම දේ බදු නැතිව සූර්ය පැනල ගේන්න දෙන එකයි, අවුරුදු 10 විතර ගෙවන්න බැංකු නය ක්‍රමයක් හදන එකයි. දන්නා කෙනෙක් කියන්න පගාව ඇරෙන්න මේක කරන්න විදිහක් නැත්තේ ඇයි කියලා....

:       0       84

PerakumSunday, 24 March 2019 11:35 AM

වෙන රටවල සූර්ය පැනල දෙන්නේ ඉතා අඩු සහන මිලකට... ණය ක්‍රමයක් ඕන වෙන්නෙත් නැහැ.

:       0       10

PathiranaSunday, 24 March 2019 11:38 AM

කිව්වත් වගේ අපේ කට්ටිය කරන්නෙම මහාපරිමාණ වියදම් වැඩමයි.. ඔය වැසි වැඩේටත් පේටන්ට් බලපත්‍ර හිමි කොම්පැනියක් සම්බන්ධයිලු.. ඉතින් කොමිස් ගැන අහන්නත් දෙයක් නෙවෙයිනේ...

:       0       36

saman Monday, 25 March 2019 03:48 AM

වලාකුළු විතරක් නෙවෙයි.. පීඩනය සහ ආර්ද්‍රතාවය කියන හැමදේම සුදුසු වෙන්න ඕනෑ මේකට... සල්ලි තියෙන රටක් වන ඕස්ට්‍රේලියාවවත් මේවා කරන්නේ කලාතුරකින්, වියදම තරමට ප්‍රතිඵල නැති නිසා...

:       0       28

සංජීව Monday, 25 March 2019 04:45 AM

අපේ රටේ පුල්මුඩේ සිලිකා වැලි තියෙනවා ඒවා අරගෙන සුර්ය පැනල හදල අඩුවට දෙන්න පුළුවන්නේ අපේ රටෙන් එතකොට තෙල් බලාගාර නිසා පිටරටවලට යන සල්ලි අඩු කරගන්න පුළුවන්. කෝ මේ මොලයක් තියෙන එකෙක් නැනේ. ඔක්කොමල කොමිස් වලට තමා වැඩ. ජපානේ වගේ රටකින් අඩුවට ණයක් ගත්තත් කමක් නෑ ප්‍රතිලාබය වැඩිනම්. කොහෙද මේ කඩේ යන අය එක්ක බැනේ.

:       0       37

rohan Monday, 25 March 2019 09:06 AM

මහත්වරුනි , ඔබල යෝජනා කරන දේවල් කරන්න බැහැනේ එහෙම කෙරුවහම කොහොමද මණ්ඩලේ ලොක්කන්ට සහ ඇමතිට කොමිස් ලැබන්නෙ කොමිස් නොලැබුනහම ඒ දුප්පත් අය ජිවත්වෙන්නේ කොහොමද ඔයාල අපි විදුලිය නැතුව ඉන්නව වගේද එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 268 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 83 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site