(යොහාන් භාසුර)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් සුරුට්ටු තොගයක් විසි කළේ යැයි කියන එම බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් දෙදෙනකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මෑතකදී අනුයුක්ත කළ 'බන්ධ පොලිස්' නැමැති බුද්ධි අංශ කණ්ඩායමක් මෙම සුරුට්ටු තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට පිටස්තර පුද්ගලයකුගෙන් ලැබුණු දුරකථන තොරතුරකට අනුව සොයා බැලිමේදි තාප්පයක් අසල සුරුට්ටු 10 බැගින් වු මිටි 05 ක පාර්සලයක් අළුයම 3.20 ට පමණ සොයාගත් බවත් එම පාර්සලය බන්ධනාගාර නිලධාරියකු විසින් බන්ධනාගාරය තුළට විසිකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පැවැසීය.
ඒ අනුව ක්‍රියාත්මක වු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරීන් එම අංශය සෝදිසි කර එ – 2 සිර ශාලාවේ තිබි තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන සිදුවීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජේලර් සුරුට්ටුවට නිල ඇඳුම පාවා දෙයි
අබිලින් Sunday, 06 February 2022 08:13 AM
එයින්ම පේනවා නේද පිටස්තර අයට කළ නොහැකි දේවල් (මත්ද්‍රව්‍ය) ඇතුළට එවන්නේ කවුද කියලා..!