
(ජේ.ඒ. එල් ජයසිංහ)
මහනුවරට ඇතිවූ දැඩි ආපදා තත්ත්වය සහ මහවැළි ගඟ උතුරා පිටාර ගැලීම නිසා ඇතිවූ මහා ගංවතුර තත්ත්වය නිසා ජලයෙන් යටවූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වල කොටුවී සිටින සිසු සිසුවියන්ට සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ට අවශ්‍ය පහසුකම් නැතැයි වාර්තා වේ.
එම පිරිස් හර ආහාර , පාන ,පානීය ජලය නොමැතිව දැඩි ලෙස අසරණ වී සිටින බව ඔවුන්ගේ පවුල්වල ඥාතීහු දන්වා සිටිති.
ඇතැම් සිසු සිසුවියන්ට අවශ්‍ය බෙහෙත් වර්ග සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමැති වීමෙන් ඔවුන් දැඩි අපහසු තාවයකට මුහුණ පා සිටිති.
විශ්ව විද්‍යාල සිසුන්ගේ පවුල් වල මව්පියන්ට ඥාතීන්ට ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමට සන්නිවේදන පහසුකම් ( ජංගම දුරකතන ) නොමැති වීමෙන් ඔවුහු තවත් අසරණ වී සිටිති.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වල සිරවී සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ආහාර සැපයීමට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දළදා මාළිගාවේ ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd