
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන 'Battersea' සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24)පැවැත්විය.
මෙතෙක් පැවැති 70%ක එන්නත්කරණ ඉලක්කය වෙනුවට, කෙටි කාලයක් තුළ උපරිම සුනඛයන් සංඛ්‍යාවකට වසර 3ක් පුරා පවතින එන්නත ලබාදීමේ 'No Dog Left Behind' නව ක්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳ නියොජිත පිරිස මෙහිදී පෙන්වා දුන් අතර එමගින් මේ වනවිට ජලභීතිකා එන්නත් (Post-Exposure Prophylaxis) සඳහා වැයවන අධික පිරිවැය අවම කරගත හැකි බවද විශේෂඥයෝ පෙන්වා දුන්හ.
පශු වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සහ පරිපාලනමය ගැටලු මඟහැරීම සඳහා පළාත් පාලන ආයතන හරහා එන්නත්කරණය පුහුණු කර යොදවා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
පළමුවෙන් බස්නාහිර පළාතේත් පසුව සමස්ත දිවයින පුරාත් ව්‍යාප්ත කිරීම සහ මෙය ජාතික කර්තව්‍යයක් සේ සළකා සෘජුව හා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා 'කාර්ය සාධක බලකායක්' (Presidential Task Force) පිහිටුවීම පිලිබඳවද අවධානය යොමු කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් ඉක්මනට මෙම වැඩසටහන දියත් කරනවා නම් හොඳයි. බල්ලන්ගේ ප්රශ්නය හරිම වදයක්. පාරේ යන එන සාමාන්‍ය ජනතාවට සහ පදිකයන්ට හරිම කරදරයක්. බොහෝ අනතුරුවලට ප්‍රධාන හේතුව පාර අයිනේ ගෙවල්වල ඇති කරන බල්ලන්. බල්ලට ගැහුවා ගමන් අයිතිකරුවෝ පොලු උස්සගෙන එනවා. කාට හරි හපුවාට පස්සේ "බල්ලා අපේ නෙමෙයි" කියනවා. හැබැයි ඉතින් ලොකු ලොකු මිනිස්සු කරන නිසා සෝබනෙට ඇති කරනවා. හරියට කන්න දෙන්නෙත් නැහැ, නාවන්නෙත් නැහැ, බෙහෙත් දෙන්නෙත් නැහැ. එවැනි බල්ලන් ඇති කරන නිවාසවලට ඉහළ දඩ මුදලක් අය කිරීමට කටයුතු කළ යුතුයි. බල්ලන් ඇති කරන පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් නිකුත් කළ යුතුයි. වෙනම බලු බද්දක් හඳුන්වා දුන්නොත් හොඳයි. එවිට නිකන් හැඩයට, සොබනෙට බල්ලන් ඇති කිරීම අඩු වෙයි. මිනිසුන්ටත් නිදහසේ පාරේ යන්න එන්න පුළුවන් වෙයි.
දඩාවතේ යන බල්ලන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ!