
(සුජිත් හේවාජුලිගේ)
ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවැසීය
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාර සහකාර නිලධාරීන්ට පත්වීමේ ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට අද (02) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු සංශෝධනයක් නොකිරීමට පසුගිය 19 වැනිදා කැබිනට් තීරණයකින් ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වත්මන් ජල ගාස්තු මගින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බවද අනාවරණය කෙරුණි.
ජල ගාස්තුව සඳහා විදුලි බිල වැඩිවීම යම් බලපෑමක් සිදුකරනු ඇති බවත් එය ඉතා අවම බලපෑමක් බවත් ඔහු කීය .
කෙසේ නමුත් ජූනි 30 අවසන් සමාලෝචන තීරණය ප්‍රකාශයට පත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා එහිදී ජල ගාස්තුවේ සංශෝධනයක් සිදුවන්නේද නැතිද යන්න ප්‍රකාශයට පත් කරන බවද කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd