(ටී.කේ.ජී.කපිල )
ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් අද (06) දින දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම නාවිකයන් පිරිස අද 6 දින ජර්මනියේ , හැම්බර්ග් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් දහවල් 11.55 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට සූදානමින් මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එම පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස මත්තල ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇති බවද වාර්තා වේ .
COMMENTS
අරාබියේ අතරමන්වෙලා සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයන් සදහාත් මෙම ක්‍රමය යොදාගන්න බැරි මොකද ? පැමිණි පුද්ගලයන් හොටල වල, කාමර වල වෙන් වෙන් වශයෙන් නවතාල තියල දින 5 විතර ගිය පසු පි .සි . ආර්. පරීක්ෂණය කරන එක තමා සාර්ථකම ක්‍රමය , ඉන් පසු ගෙදර ගිහින් දින 14 නිරෝධනය වෙන්න කියන්න ,ගුවන් තොටුපලේදී පැමිණීමේ පර්යන්තයේදීම මේක කිරීම සාර්ථක නැහැ , මොකද ගුවන් යානයේ එන පුද්ගලයෙකුනෙන් මෙය බෝවී තිබුනොත් ගුවන්තොටුපලේ කරන පි . සි. ආර් . පරීක්ෂණයේදී මේක අසු වෙන්නේ නැහැ . මේ දවස් වල සංචාරකයෝ නැතුව වහල දමල තිබෙන සංචාරක හොටල විශාල සන්ක්යාවක් ලංකාවේ තිබෙනවා..
මේ පිරිස කටුනායකට ගෙන ආවා නම් දැනටම එහි ස්ථාපිත කර ඇති PCR කණ්ඩායම මගින් පහසුවෙන්ම ඔවුන්ව පරීක්ෂා කර ඉක්මනින්ම ප්‍රතිඵල ලබා දිය හැකිව තිබුනා නේද ?
මත්තල නැවත නැගිටින්න උත්සහ කරනවා. අගෝස්තුවේ ඉදලා ෆ්ලයිට් එන්න ගන්නවා... ඉක්මනින්ම ගාල්ල, මාතර, කළුතර දක්වා නෙමෙයි කොට්ටාව දක්වා උනත් ලගාවෙන්න පුළුවන් හයිවේ එක නිසා.... අනික ටිකට් එකේ ගාන 10000කින් විතර අඩුයි.. මත්තල කටුනායකට වඩා ඒ වාසියත් ලැබෙනවා කටුනායකට වඩා ඉඩ පහසුකම් හැම අතින්ම මත්තල එයාර්පෝර්ට් එක හොඳයි. ලංකාවේ තිබෙන හොදම එයාර්පෝර්ට් එකේ වි ගබඩා කරන්න තරම් යහපාලන රජය කුහක වුණා.. එකෙන් සමහර තැන් විනාශයට පත්වුනා පි හැරසන් තමයි ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනේ සජිත් ජලනි බලවේගේ (සජබ) චන්දය ඉල්ලනවා ලැජ්ජා නැතුව රාජ්‍ය දේපල විනාශ කරලා එවාට අනුර කුමාර දිසානායකගේ ජවිපෙත් උල්පන්දම් දුන්නා...
මැදපෙරදිග දුප්පත් ශ්‍රමිකයින් ගැනීම තමයි අමාරු..., හෙනම ගහන්න ඕනේ...
අප කවර හෝ දේශපාලන පක්ෂයකට කඩේ යන ගැත්තන් නොවෙයි. ඒත්, අප හරි වැරැද්ද සාධාරණව විවේචනය කරනවා. ජනපතිතුමා විවේචනය ගරු කරන කෙනෙකු බව අප දන්නවා. එතුමා මේ වසංගතය දුරුකිරීමේදී සෞඛ්‍ය, ආරක්ෂක අංශ හා එක්ව කළ මෙහෙය අමතක කරන්න තරම් අප කුහකයන් නොවෙයි. ජනපතිතුමාට හොඳම සේවයක් සලසන්නේ එතුමාගේ හොඳ පමණක් පෙන්වන සමහර මෝඩ එහෙයියන් නොවේ. හරි වැරැද්ද පෙන්වන බුද්ධිමතුන්ය. එවන් එහෙයියෙකු අද මට කැත විදිහට බැණ වැදුණා. එවන් අමනයින්ගේ කතාවන්ට අපි නොකිපෙමු. එහෙත්, වැදගත් විදිහට හැසිරෙන විරුද්ධ මතධාරීන්ටද අපි ගරු කරමු...
සෑම් මහත්මය..., එහෙම ගුවන්තොටුපලේදී පැමිණීමේ පර්යන්තයේදී PCR පරීක්ෂණය කරන වැඩේ එපමණ සාර්ථක නැහැ , මුල්‍ය ප්‍රතිපාධන වැඩි පුර තිබෙනවා නම් එහෙම කලත් කමක් නැහැ , මගියව වෙනම කාමරයක අවම වශයෙන් දින 5 වත් නිරෝධනය කරලා PCR පරීක්ෂණය කරන එක තමා ඉතා සාර්ථක , යම්කිසි විදිහකින් මගියාට ගුවන් ගතවන ගුවන් තොටුපලේදී හෝ ගුවන් යනාදී කොරෝන අසාධනය වුනොත්, පැමිණීමේ පර්යන්තයේ කරන පරීක්ෂණයේදී මේක පෙන්නුම් කරන්නේ නැහැ .
ඒ වගේම මැදපෙරදිග අතරමන්ව රැකියා නොමැතිව වැටුප් නොමැතිව අසරණ වී සිටින ජනතාවත් කොටස් වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලමි. කරුණාකර ප්‍රතිචාර දැක්වීමෙදී හැමදේටම දේශපාලන ගාවා නොගන්නා ලෙස ඉල්ලමි..
මුළුරටම ණය වෙලා, අතට ගන්න පඩියත් පූජාකරන තත්වෙට රට පත්වුනේ ඔය හම්බන්තොට වරායයි... මත්තලයි නිසා.