(නිමන්ති රණසිංහ)
ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල්වරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනෙකු පත් කළ පළමු අවස්ථාව මෙය වෙයි .
මෙසේ නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස පත්කර ඇත්තේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරියන් වන රේනුකා ජයසුන්දර, නිශාන්ති සෙනවිරත්න සහ පද්මිණී වීරසූරිය යන මහත්මීන් ය.
නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය සමග මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනෙක් පත් කර ඇත.
ඉතිහාසයේ පළමුවරට ළමා හා කාන්තා කාර්යාංශය භාර දී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිනි රේනුකා ජයසුන්දර මහත්මියටයි.
නියෝජ්‍ය පොලිස්පතිනි නිශාන්ති සෙනවිරත්න මහත්මිය පොලිසියේ පර්යේෂණ හා සංවර්ධන දිසාව භාරව සහ නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණී වීරසූරිය මහත්මිය පොලිස් සුභසාධන දිසාව භාරව පත් කර ඇත.

රේනුකා ජයසුන්දර මහත්මිය

පද්මිණී වීරසූරිය මහත්මිය

නිශාන්ති සෙනවිරත්න මහත්මිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ සුභ පැතුම් !
ඔබ තිදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්......දුප්පත් පුරවැසියන්ගේ බදු මුදල් වලින් සියලු දීමනා සහිතව වැටුප් ලබන රජයේ සේවකයන් වන ඔබලාට තමන් උපන් රටේ මහ ජනතාව වෙනුවෙන් තම සේවය අවංකව ඉටුකිරීමට "වාසනාව" උදා වේවා......
කලින් පාර වගේ ඉරිසියාකාරයෙක් පෙත්සමක් ගහයිද දන්නෙ නැහැ
තොටිල්ල පදවන දෑත යන ශීර්ෂය හොඳ සාහිත්‍ය ගැලපීමක්නෙ. එයත් වෙනස් වෙලා. කෙසේ වෙතත් මේ තිදෙනාට උණුසුම් සුභ පැතුම්.