(නිමල කොඩිතුවක්කු)
ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදිපයට පැවැසීය.
ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.
ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් අස්වීමේ ලිපිය කතානායකරයා විසින් භාරගෙන ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ගේ තිබෙන ඡන්ද ටිකටත් දෙවියන්ගේම පිහිට යි.
සුවපති උත්සවයක් සංවිධානය කිරීමට යයි කියමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රජයට ලැබුණු මිලියන ගණනක් මුදල්, නිලධාරීන් සමග එකතුවී ගසාකාල, තව මිලියන ගානක් පුද්ගලික අංශයෙන් කඩාගත් මේ කට්ටිය කරපු දේවල් ගැන විගණන වාර්තාවල හොඳටම තියෙනවා
අනේ අම්මපා මේ කවුද? මොනවද දන්නේ රටේ දේශපාලනය ගැන.
අසූචි වලට ගොම තලියක් වැටෙන්නයි යන්නෙ මිතුරනි.
එක වල්ලේ පොල් දැනුයි තේරෙන්නේ.
උගත් බුද්ධිමත් මහත්මයෙක් ,හොද තීන්දුවක්
ජාතික ලැයිස්තුවකට මෙ වගෙ කෙනෙක් දැම්මාම තියෙන වටිනාකම කුමක්ද?
මොකද ජයම්පති අස් වුනේ. රන්ජගේ හඬ පට නිසා නේද?
රත්නප්‍රියගේ හැසිරීම් ගැන පහුගිය කාලයේ නොයෙක් කතා ඇසුනා. ඔහු අවංකද, රටට ඇත්තටම ආදරේද නැත්නම් වෙස්මුහුණක් දාපු කෙනෙක්ද යන්න දැනගන්න කැමතියි. අනික ඔහු රනිල්ගේද සජිත්ගේද.
අනේ දෙවියනේ මේ යුඑන්පී එකට වෙන මිනිහෙක් ඇත්තේම නැතිද මේ තනතුරට.
මූණ දිහා බැලුවාම තේරෙනවා මේවගේ මිනිසුන්ට චන්දෙකින් පාර්ලිමේන්තු එන්න බැරිබව.
අපේ අප්පේ U N P එකට ගිය කලක්.
විජාතික මානසිකත්වය ඇති තවත් ජාති ද්‍රෝහියෙක් ?
ඔය තරමටම බංකොලොත් උනාද යුඑන්පී එක...
උගත් බුද්දිමත් දේශප්‍රේමින් පාර්ලිමේන්තු යවන එකේ ඇති වරද මොකද්ද?
මේ තවත් කෙනෙක්. රන්ජටම හරියන තවත් කෙනෙක්
කොහොමත් යු එන් පී අය හරිම ආදරෙයි මේ මොඩල් එකේ එන් ජී ඕ අයට හැබැයි මතක තියාගන්න මේ රනිල්ගේ ආණ්ඩුවවත් ජනාධිපති සිරිසේන වත් අගමැති රනිල් වත් නොවන බව !
අනේ ගිය කලක්
හොදම බුලට් එකක් . දැන් ඉතින් යුඑන්පි එක ගොඩ.
මේක වගේ කෙනෙක් දාපු යුඑන්පී එකට ආයේ කවුරුවත් ඡන්දෙනම් දෙන්න එපා.
යු.එන්.පී. එකට ගැලපෙන කෙනෙක්.
නියම මොලයක් නම් කරලා තියෙන්නේ......ලංකාවෙන්ම එක......
දැනුයි තේරුනේ පහුගිය කාලෙම මහජනයා වෙනුවෙන් කියා කියා කඩේ ගියේ ඇයි කියලා.