ජපානයේ දකුණු දෙසින් පිහිටි කියුෂු දුපතේ කුමමොටෝ ප්‍රාන්තය කේන්ද්‍රකොට ගනිමින් රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර 10 ක් මුහුදු පතුලෙන් වාර්තා වූ බව ජපන් කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ.
භූකම්පනය හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවිය. පුද්ගලයෝ 20 දෙනකු පමණ තුවාල ලැබූ බව ජපන් අග්‍රාමාත්‍ය සනායි තකායිචි ප්‍රකාශ කළාය.

භූමිකම්පාවෙන් පසු, ජපාන දූපත්වලට සුනාමි අනතුරු නිකුත් කෙරුණි. වෙරළබඩ ප්‍රදේශවල පදිංචි වැසියන්ට වහාම ආරක්ෂිත උස් භූමි වෙත යොමු වන ලෙස දැනුම් දී ඇතැයි ද පැවැසෙයි.