
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ඉමොටෝ සචිකෝ මහත්මිය අතර පැවති හමුවකදී සචිකෝ මහත්මිය මේ බව පවසා තිබේ.වොෂින්ටනයේ පැවැත්වුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම හමුව සිදුව ඇත.
එසේම ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට කැපවී සිටින බවද ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි වෙන්නැති. හැබැයි පහුගිය කාලේ විශාල ජපන් සමාගම්වල මෙහෙ කාර්යාල කීපයක් වසා දැමුවා කියලා නම් ප්‍රවෘත්ති දැක්කා... උදාහරණ මිට්සුබිෂී සමාගම...
ලංකාවේ ව්‍යාපෘති කරන්න කවුරුත් උනන්දුයි කියලා නිතර කියනවා... අපිට ඇහිලා තිබෙනවා නමුත් ව්‍යාපෘති පටන් ගන්න කෙනෙක් නැහැ. 1989 ජෙප්පන් පිටරට ආයෝජකයින්ට කර්මාන්ත කරුවන්ට කරපු දේ ඔවුන්ට මතක නිසා වෙන්න ඇති. ජෙප්පන් ඉන්නතුරු විදෙස් ආයෝජකයින්, කර්මාන්තකරුවන් මෙරටට ඒවිද කියා සැකයි...