පුෂ්පකුමාර ජයරත්න
අසත්‍ය චෝදනාවක් ගොනු කර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාස එකහමාරක් පමණ සිරගත කර තැබීමට එරෙහිව වන්දි ඉල්ලා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නඩු පවරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) කුරුණෑගල දී ප්‍රකාශ කළේය.
සතොස මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ කුරුණෑගල මහාධිකරණයේ පැවති නඩුවක් අද නිදොස් කර නිදහස් කරන ලද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමු වී සුබ පැතීම සඳහා කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
“ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රී මාසයකට වැඩි කාලයක් නිකරුණේ හිරේ හිටියා. හිරේ දැම්මා විතරක් නෙවෙයි එතුමාට නිලධාරීන් යොදවලා හිරිහැර පවා කළා. මේ නිසා අපේ පළමු පියවර තමයි මේ හිරිහැර කිරීමට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරීම.
ඊළඟට එතුමාට අසත්‍ය චෝදනා එල්ල කරලා නිකරුණේ හිරේට දැමීම එෆ්සී අයි ඩී ඒ නිලධාරීන්ට එරෙහිව අලාභ ඉල්ලලා අනිවාර්යයෙන් ම නඩු දානවා.
මේ එෆ් සී අයි ඩීය කියන්නේ නීතිවිරෝධී ආයතනයක්. රට පුරාම ඉන්න අපේ පක්ෂයට හිතවත් ක්‍රියාකාරී දේශපාලඥයින්ට බොරු චෝදනා එල්ල කරලා ඔවුන්ව සිරගත කිරීම තමයි මේ ආයතනයේ ප්‍රධානම කාර්යය.
මේ වැඩේ නවත්වලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අපි සියලුම දෙනා එක්වී මේ ආණ්ඩුව පෙරලා දැමිය යුතුයි. දවසින් දවසම මේ ආණ්ඩුවේ ආයුෂ කෙටි වේගෙන එනවා” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ අදහසක්. අරලිය ගහ මන්දිරයේ ඉඳගෙන නඩු තීන්දු දෙන ආකාරය පිලිබඳ දුරකතනයෙන් උපදෙස් ලබාදුන්නාය කියල සමහරු කියන ඒකාලේ වගේ නෙවේනේ දැන් අධිකරණය ස්වාධීන බව හොඳින්ම පෙනෙන නිසා සාධාරණ තීන්දු ලැබෙනවා කියල ප්‍රකාශ කරන්න පුලුවන්නම් තවත් හොඳයි.
අනේ මන්ත්‍රීතුමෝ අල වගේද ගෝවා? රට වෙනුවෙන් සටන් කරපු සරත් ෆොන්සේකා මහතාව හිරකරගෙන හිටිය එක.... අමතකද? දැන් තමයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අධිකරණයට ඕනෑ විදියට දුප්පතාගේ දේ හොරෙන් කළා ඇමතිලාට දඬුවම් දෙනකොට... ඔයාට දිරවන්නේ නැහැ වැරැද්දට... දඬුවම් දෙනකොට. ආණ්ඩුව පෙරලලා හරි යනවද? නැවත ජනාදිපති වෙන්න දඟලන්නේ මෙවැනි. දේවල් කරලද? පැරදිලා රට බාරදෙනකොට මිනිස්සු හරියට අමනුස්සයෝ වගේ දරුණු විදියට හැසිරෙන්නේ අයියලා මලිලගේ. දරුණු පාලනය නිසා දැන් සියලු දෙනාම. සාමකාමී, ඔයාගේ දරුවන් යහමගට ගන්න බලන්න. මේ වගේ කට්ටියට රට බාර දුන්නොත් නියමෙට තියෙයි..
ඔව් දැන් අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක හින්දා නඩු පවරන්න පුළුවන්.
රවින්, ජරාපාලනයට කඩේ ගියත්, මෝඩයෙක් වෙන්න එපා. ප්‍රායෝගික අවංක අධිකරණ පද්ධතියක් ඇත්නම්, FCID වන් ජරාපාලනයේ වැසිකිළි ක්‍රියාත්මක වන්නේ කොහොමද? එසේ නැත්නම්, ඔයාගේ මතුපරපුර වෙනුවෙන්වත් ඔය කඩේයාම නවත්වන්න.
නඩු පැවරුවත් කමක් නැහැ. වන්දි දුන්නත් කමක් නැහැ. මේ යහපාලකයින්ට රටේ කිසිම දෙයක් හරියකට කරගන්න බැහැ. හොරු අල්ලන්න ආවේ කම්බ හොරු ටිකක්. හැබැයි එකක්. මේවාට වන්දි ජනතාවගෙන් අසාධාරණ ලෙස අය කරගන්නා බදු මුදල් වලින් දෙන්න බැහැ. එවා අකාර්යක්ෂම නිලධාරීන්ගෙන්ම අයකර ගත යුතුයි.
ජොන්ස්ටන්ගේ නඩුවේ චෝදනා ඇත්ත. සාක්ෂි දුර්වලයි. ඒ නිසා නිදහස් වුනා. ඔව්. ඒකට එෆ්.සී.අයි.ඩී එකට නඩු දාන්න ඕනේ. ඒ එෆ්.සී.අයි.ඩී හරියට වැඩේ නොකල නිසා.
මෙයත් මාර කතා කියන්නේ... මාර දේවල් කරන්නේ... ජනතා ඡන්දෙන් පත්වෙන නියෝජිතයෙක්ව මාසයක් රිමාන්ඩ් කරලා නිදහස් කළාම එලි බැහැලා කෑගහනවා වගේ.., කුඩු අල්ලන්න ගේ වටකළාම හෙලිකොප්ටරයෙන් ගිහින් බැහැලා බදාගත්තා වගේ ඔය මිනිස්සුන්ව නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු අරින්න ඡන්දෙ දෙන ජනතාව වෙනුවෙනුත් එළි බැහැලා සටන් කළා නම් හොඳ නැද්ද? භූමිතෙල් පැට්රල් සහනේ ඉල්ලලා උද්ඝෝෂණය කරද්දී ඇන්තනි වෙඩි කද්දී , නිදහස් වෙළඳ කලාපේ උද්ඝෝෂණයේදී රොෂේන් චානක වෙඩි කද්දී , මිනිස්සු වතුර ඉල්ලලා උද්ඝෝෂණ කරලා වෙඩි කද්දී ඔබතුමා ඔහොම එළියට බැස්සද?
නැත්තම් මාස්පතා ලැබෙන ජරාව නැතිවෙනවා. ජොන්ස්ටන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මුළුරටම දන්නවා.
මට මතක්වෙනවා මේවා දකිනකොට කැමිලස්ගේ ගජමෑන් ව ...!!!
අබරන් සීයාගේ දවසේ කියමන වගේ....
සුජීව, අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන හින්දා නොවේද නඩු පවරන්න පුළුවන්? පොඩ්ඩක් හිතලා බලන්න. මෙතැනදී කඩේ යෑමක් නොව ඇත්ත ඇති සැටියෙන් කීම පමණි.
ඒකටත් අපේ සල්ලි වලින්ද ගෙවන්න යන්නේ?
මුළු රටම හොරාගේ අම්මාගෙන් පේන අහනවා. එදත් එකයි කවදාත් එකයි .
බොරු කතා කර කර ඉන්නේ නැතිව කුරුණෑගල ටව්ම පිරිසිදු කරලා දෙන්නකෝ. පුත්තලම් හන්දිය හතර මහා අපායක්. මාර්කට් එක හතර මහා අපායක්. අපිරිසිදු කමේ සීමාවක් නැහැ.
ඔව් ඔව් නඩු දාන්නම ඕන නේන්නම්. හෙලිකොප්ටරෙන් ගිහින් බේරගත්ත වගේ, දැනුත් තමන්ගෙ එකා බේර ගත්තේ නැත්නම් ඒවා යුතුකම්ද මං අහන්නේ? හැබැයි කලින් පත්කරගෙන හිටිය හිටිය අධිකරණ ලොක්කො නම් දැන් නැහැ, දැන් ඉන්නේ කෙලින්ම සුදුසුකමට ආපු ලොක්කෙක්. ඒ හින්ද ටිකක් මහන්සි වෙන්න වෙයි.
අපේ රට ගැන හරිම කණගාටුයි. දේශපාලකයන් විසින් රටේ සෑම පැත්තක්ම නින්දීත තත්ත්වයකට ඇද දමා ඇත. රටම එකම හොර ගුහාවකි. නිතීයත් හොරැන්ට යටත් බවකි පෙනෙන්නේ. මේ තත්ත්වයට වගකිව යුත්තේ ජනතාවමය. පොහොට්ටු හොර කල්ලිය, එ.ජා. පක්ෂ හොර කල්ලිය, ශ්‍රී ලංකා නි.පක්ෂ හොරැ ආරක්ෂා කරන කල්ලිය ආදි වශයෙන් අද දකින්නට ඇත. හොර කල්ලි නායකයන්ගේ මේවැනි ප්‍රකාශ ජනතාව තවදුරටත් පිළිගන්නේද?
ඔබ තුමාට මානව හිමිකම් ගැන මතක් වීම දැක්කම හිනහ යනවා.
ඡන්දෙ කාලේ කටට එන එන දේ කිවුවට, ඒවා ඇත්ත කියලා හිතන්නේ නැති ව ඉන්නයි තිබුනේ.
ලුම්බිණි, මහින්ද මහත්තයා අපේ තරුණයන් ටයර් සෑයවැල්වල පිච්චෙන කාලේ තමයි ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් වාසුදේව සමග ජිනීවා ගියේ. ඔයා ඉපදිලා නැද්ද දන්නේ නැහැ ඔවුන්ව කටුනායකදී අත්අඩංගුවට ගත්ත හැටිත් ගෙනියන්න හදපු සාක්කි උදුරා ගත්ත හැටිත් නොදන්නේ. එහෙම නැත්නම් ඔබ නුතන ජේ වී පී නායකයෙක් මොකද ඔවුන්ට නම් දැන් ඒ කිසි දෙයක් මතක නැති නිසා.
මෙයාට මානව හිමිකම් ගැන දන්නවනේ.