( +++ අජන්ත කුමාර අගලකඩ)
යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) රාත්‍රි පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
ජිනීවා මානව හිමිකම් යෝජනා දෙක ඉත් කිරිම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
30/1 සහ 40/1 යන යෝජනා මොනවද ? දන්නා කෙනෙක් ඉන්නවනම් අපටත් කියන්න.
දිනේෂ් ගුණවර්ධන යනු තම වාසියට පාර්ලිමේන්තු අසුන රැක ගැනීම සඳහා පමණක් කාගේ හෝ ඇඟේ එල්ලෙන අවස්ථාවාදී පුද්ගලයෙකි.
හැමෝම යම් තරමකට අවස්ථාවාදී තමා. ප්රශ්නය ඒක නොවෙයි. මෙතුමා බලය ආපු ගමන් බෙරිහන් දීලා අනිත් අය විශේෂයෙන් විපක්ෂයේ අයව යටපත් කරන නිවට දේශපාලන න්‍යායේ ඉන්නේ. බලය නැති කාලේ හාම්පුතා ළඟ නැති බලුකුක්කා වගේ සද්දේ වහලා නගුට හකුලාගෙන හිටියේ.
ඡන්දෙට කලින් ආයෙමත් විදුලි පුටුව කරලියේ ඒවිදෝ මන්දා.?