( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට (23) කල් තැබීමට එම කවුන්සිලය තීරණය කර ඇතැයි වන ජීනිවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව එම ඡන්ද විමසීම ජිනීවා වේලාවෙන් පෙරවරු 9.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.00ට) පමණ මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනාව සහ තවත් රටවල් කිහිපයකට එරෙහි යෝජනා කිහිපයක්ම අද (22) එම කවුන්සලයේ සභාගත කළද එම සැසිවාරයේ අද දින න්‍යාය පත්‍ර යේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඡන්ද විමසීම මෙලෙස හෙටට කල් ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය , මොන්ටිනීග්‍රෝ ,මැසිඩෝනියාව , මලාවි යන ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd