(නිමල කොඩිතුවක්කු)
‘‘ඇසිදිසි’’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේදී අද (15) සිදුකෙරිණ.
පුහුණු පාඨමාලා මගින් තම වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථා සලසාදීම මෙම ව්‍යාපාතීයේ අරමුණ වන අතර ජනමාධ්‍යවේදීන් 109 දෙනෙකු සඳහා මෙවර ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.
දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැළී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.
උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත‍්‍ර පාඨමාලා, ඩිප්ලොමා, උසස් ඩිප්ලොමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබා දේ.
‘‘ඇසිදිසි’’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උපාධි හා පශ්චාත් උපාධි හැදෑරීම සඳහා මෙතෙක් ලබාදෙන ලද රුපියල් ලක්ෂයක මුදල මෙවර රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩිකර තිබීම විශේෂත්වයකි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලූවැව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමනි ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ(මාධ්‍ය) කේ. පී ජයන්ත යන මහත්වරුන් සහ ශිෂ්‍යත්වලාභීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.
ඡායාරූප - ඩික්සන් වසන්ත


ඡායාරූප - ළහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියවත් එක එක කෂඩ දේශපාලනඥයින්ගේ අතකොලු බවට පත් නොවන, ජනමාධ්‍යයේ ගුණාත්මක භාවය, වගකීමේ බැරෑරුම්කම සහ ස්වාධීනත්වයේ අගය තේරුම් ගෙන මාධ්‍ය ආයතන අයිතිකරුවන්ගේ හා පාලනය කරන්නන්ගේ හොරනෑ බවට පත් නොවී කටයුතු කරමින් රටට වැදගත් සේවයක් කිරීමට හැකි පිරිසක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
ඇත්තටම අපේ රටේ ජන මාධ්‍යවේදියෝ ඉන්නවද? අපි නම් දැකලා නැහැ එහෙම අය???