එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ ‘ජන බල මෙහෙයුම‘ උද්ඝෝෂණ රැළිය මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
ගාලු මුවදොර පිටියේදී රැළිය පැවැත්වේ.
එක්සත් ජාතික පෙරමුණු නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද රැළියට එක්ව සිටිති.
(36698)











( ඡායාරූප - ඉෂාන් සංජීව )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතුයි.
මෛත්‍රී කරපු වැඩෙන් අන්තිමේදී වුනේ බිමටම වැටිලා තිබුණු එජාපෙ ආපහු අළු ගසා දාලා නැගිටපු එකයි. මහින්දට ආපහු ඔලුව උස්සන්න බැරි වෙන පාටයි. මේ උණුසුම පිටම පාර්ලිමේන්තුව විසුරවල ඡන්දෙකට ගියොත් එජාපෙට වාසියි.
මේ සෙනග බලපු ගමන් ඡන්දෙ තියනවා ඕන්...
අපි දැක්කා පින්තූර ඔක්කොම.. මේ ගෝල්ෆේස් හෝටලය ඉදිරිපස කොටස විතරයි.. ජනාධිපති මන්දිරය අසල සිට පිට්ටනියෙන් බාගයකට ආසන්න කොටසක් හිස් .. මතකද මහින්ද මහත්තයා වෙනුවෙන් ආපු ජන ගඟ? පිට්ටනිය විතරක් නෙවෙයි.. ගාලු පාරත් වැහුණා සෙනගින්. මෙතැනින්ම පේනවා වැඩි මහජන මතය මොකද්ද කියලා..?
මේ වෙලාවේ ජනාධිපති නම් කනේ ඇඟිලි ගහගෙන ඉන්නවා ඇති...
පිට්ටනිය පිටුපස කොටස හිස්... මහින්ද මහත්තයත් එක්ක ආණ්ඩුව පෙරලන්න ආපු ජනගඟ මීට වඩා කොච්චර හිටියද...?
මහින්ද මහත්තයගේ සෙනඟත් එක්ක හැරෙන්නවත් පුළුවන්ද?
සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා ඔප්පු කරලත් පෙන්නුවා එහෙනම්...
සූ ගාලා හිස් ගොඩවල් නේද ?
දැන් මේකට වියදම් කලේ කවුද? බැඳුම්කර ගහපු සල්ලි නෙවෙයිද?
මට හිතාගන්න බැහැ... අැයි ලංකාවේ මිනිස්සු මේ තරම් කාලය කාගෙන දේශපාලකයින්ගේ ටොම් පච අහන්නේ කියලා...
කොහොමට තිබුණු පක්ෂයක්ද මේ පක්ෂය...? අද වෙනකොට හරියමන් පිරිමියෙක් නැති තරමට පහළට වැටිලා. ඉන්න වැඩි දෙනෙක් එහෙමයි... ඉතින් කොහොමද රට ගොඩ ගන්නේ?
මහින්දට මෙච්චරයි -රනිල්ට මෙච්චරයි. මේකේ ඉන්න මිනිස්සු පිට්ටනියකට ආපු සෙනගින් ඡන්දෙත් මනිනවනේ. අරක්කු කාලයි \ බත් පැකට් එකයි රු 1000 දෙනවනම් ඕන කෙනෙක් එයි . වහල්ලු වගේ හිතන්න එපා.
දේශපාලන පක්ෂයක් සමග ශ්‍රී ලංකාවේ අපි දුටු වැඩිම අතිවිශාල ජනගග ගෝල්ෆේස් පිටිය එකම හිස් ගොඩක්
අතිවිශාල ජනගග ගෝල්ෆේස් පිටිය එකම හිස් ගොඩක්
දේශපාලන පක්ෂයක් සමග ශ්‍රී ලංකාවේ අපි දුටු වැඩිම අතිවිශාල ජනගග ගලලා
බුදු අම්මෝ මෙහෙම සෙනගක් මගේ අම්ම මුතුම් කාලේවත් දැක්කේ නෑ
ඩොලර් ට්‍රිලියනයක් කියන්නේ ලංකාවේ රුපියල් වලින් ලොකු ගානක්.
මේ දෙවෙනි පින්තුරයේ සම්බන්දන්, සුමන්තිරන් සමග අනුර දිසානායකත් හිටියනම් හරිම ලස්සනයි.
මේ ඉන්නේ වැඩ කරන අය නෙමෙයි. අපි වගේ වැඩ කරන මිනිස්සු ගෙවන බදුවලින් සමෘද්ධිය වගේ දීමනා පිනට ගන්න අය දේශපාලකයින්ගේ පස්සෙන් වැටිලා. ඕනෑම පක්ෂෙක මේ වගේ අයගෙන් තමා පැවැත්ම තියෙන්නේ. මේ අයට රස්සාවක් හරියට නැහැ. බස් දුන්නම එනවා.
කවුරු කවුරුත් සෙනග වැඩියෙන් පෙන්වුවත්, අන්තිමදී රට නම් පරාදයි.
මේ පින්තූර අරන් තියෙන්නෙ ඉස්සරහ පැත්තෙන් විතරයි පිටිපස්සේ සේරම හිස්. අපි දැක්කා. මේ පාරත් ලංගමට පින් සිද්ධ වෙන්න මේ ටික හරි ගෙන්න ගත්තා.
හු හු ඇද්ද! ගෝල්පෙස් පිට්ටනිය පුරවන්න ගිහින් UNP එක එකසියගානට ඇන ගත්තා. අනේ පවු, පිට්ටනියෙන් බාගයක් වත් පිරෙන්න සෙනග නෑ. මොකද ඩ්‍රෝන් එකෙන් ගත්ත පින්තුර පෙන්නනේ නැත්තේ?
ට්‍රිලියනයට බිංදු කීයද අනේ?