(නිමල කොඩිතුවක්කු)
ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (5) පැවසීය.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මෙම ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීමේ කිසිදු අවශ්‍යතායවයක් රජයට නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා එහි අඩංගු කරුණු ජනතාවට නිරීක්ෂනය කිරීමේ අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් කළේය.
පොහොට්ටුවේ පිරිස් පවසන පරිදි ඇමෙරිකානු සෙබලු ගොඩබස්සන, ඇමෙරිකානු ඉඩම් ලබාදීමක් වෙනුවට ජනතාවගේ මාර්ග පද්ධතිය දියුණුවෙන රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා මෙම මුදල් යොදවන බවත් ඔහු කියා සිටියේය.
මෙම ගිවිසුමෙන් රටේ කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් සිදු නොවෙන බවත් ඉදිරි කාලයේ සංවර්ධන කටයුතු සඳහා රටේ සියලු අයාතනවල මාර්ගෝපදේශයක් ඇති කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූපය - ඉෂාන් සංජීව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුරුහරි ගිහිල්ල අර සංදර්ශනේට ලෙමන් පෆ් ටිකක් දෙන්න.
මෙයාලට ඡන්දය දුන්නොත් වෙන දේ පේනවනේ. රට ගැන හිතලා ඔබේ ඡන්දය මෙවර දෙන්න.
ජනාධිපතිවරණෙන් එම්.සී.සී ගිවිසුමට ජනවරමක් ඉල්ලන්නකෝ.
පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ මහා සත්‍යග්‍රහයට පුජනීය ප්‍රණාමය !
රට ඩොලර් වලට පාවාදෙන මේ වසලයෝ.
එක්කෝ එයාට පිස්සු නැතිනම් මෙයාට පිස්සු.
ජනාධිපති සිහිනය බොඳ වූ මලකඩ මිනිසා.
ජාතිය වෙනුවෙන් නැගී සිටි අයට අපගේ ප්‍රණාමය .
මේ රටේ ඇති කිසිසේත්ම විශ්වාස කළ නොහැකි භයානකම පිරිසක් ඉන්න අකුරු තුන එජාපෙ වේ. ඔවුන් ජනතාවට සහ මාධ්‍යට එකක් කියා ඊට හාත්පසින්ම වෙනස් භයානකම දෙයක් කරයි.
දැන් ඔවුන් හඹා ගියේ එය අත්සන් කර ඇත්නම් කිසිවෙකු සජිත්ට ඡන්දය නොදෙන බව දුටු බැවිනි.
පාර්ලිමේන්තුවට ආවේ හාමුදුරු කෙනෙක්ගේ නම විකුණලා. දැන් කොහොමද ?
මේ ඇවිල්ලා විකෘති මානසිකත්වයක් තියෙන දේශපාලුවෙක්.
නීතිපති දෙපාර්තමෙන්තුවට ලිපියක් යවනවා කාරණාව හංගලා ලියලා. ඒකට උත්තරය හම්බුනාම කියනවා නීතිපති දෙපාර්තමෙන්තුව අනුමත කරා කියලා. ගල් අගුරුවලටත් මෙයා කරේ ඒ දේමයි.
මුන් වසලයෝ...
යු.එන්.පී සහ ජේ.වී.පී නරුමයින් අද කරන්නේ ඩොලර්වලට රට පාවා දීමයි. මේ අයගේ බත් බැලයිනුත් කරන්නේ කඩේ යාම පමණයි. මිනිසුනි, මේ ද්‍රෝහීන්ගෙන් රට බේරා ගැනීමට පෙළ ගැසෙමු.
අම්මෝ හම්බන්තොට විකුනද්දී කියපු දේවල්...
දැනටමත් මේක අත්සන් කරලා ඉවර ඇති. මෙයා හිතනවා ඇති ඇඟිල්ල දික්කරලා කිව්වම ඔක්කොමලා බයවෙලා මෙයා කියන ඒවා පිළිගනියි කියලා... මිනිස්සු මෝඩ නෑ.
කාශ්‍යප හාමුදුරුවන්ට පින්සිදු වේවා.! ඡන්දෙන් පස්සෙත් මේක අත්සන් කරන්න වෙන්නේ නැහැ. මොකද වර්තමාන පාලකයෝ නැවත බලයට එන්නේ නැහැ.
වරද තේරුම් ගැනීම සතුටට කරුණක්.
මෙතන කොමෙන්ට් දාන අය ඉස්සරවෙලා මේ "මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම" කියවලා ඉන්න. අර උපවාස කරන ස්වාමින් වහන්සේටත් එකේ තියන දේවල් පැහැදිලි කරලා දෙන්න. දන්නා දේකුත් නැහැ.
රටේ කෑල්ලක් 99 අවුරුද්දකට චීනයට ලියලා දුන්න පසුගිය දවසක. ඒක ගැන කවුරුවත් කතා කළේ නෑ. අපි චීනෙ යටත් විජිතයක් වුනාට අවුලක් නැද්ද?
අපරාදේ ගානක් සුද්දකරගෙනම ගෙදර යන්න තිබුණු අවස්ථාව නැතිඋනා නේද?
මේ වගේ අය නම් ජීවිතේට දැකලා නැහැ. එකටම හරියන උඩ බලාගෙන දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන ඉන්න මිනිස්සු. රටෙන් එලියටම ඇවිත් බලන්න ඕන ඒක.
මේ දේශපාලුවෝ හැමෝම කියන්නේ මේකෙන් මාර්ග පද්ධතිය දියුණුකර රටේ ආර්ථිකය නගා සිටුව හැකි බවක්. නමුත් මේ කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ ගිවිසුමෙන් ඇමෙරිකාවට ලැබෙන දේවල් ගැන. මේ ගිවිසුමේ අන්තර්ගතය ඇයි මහජනයාට දැනගන්නට ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ? මේක රට පාවාදෙන ගිවිසුමක්.
මොකක් හරි වැඩක් කරන්න පුළුවන් කෙනාට බොහෝ දෙනෙකුට පෙනෙන්නේ හොරෙක් විදියට. ඒ බොහෝ දෙනා හොරුන් කියන දේවල් වලට අනුගත වෙලා හින්ද. මේ ගිවිසුමේ තියෙන දේවල් පොදු ජනයට තාමත් නිරාවරණය වෙලා නැහැ. අපි ඔක්කොම අඳුරේ අතපත ගානවා විතරයි. ඔක්කොමල අර එළුවා පස්සේ ගිය නරිය වගේ කපටින් පස්සේ මොනවද දිහා බලාගෙන දුවනවා.
ජවිපේ ඔක්කොටම හපන්, අරුණි, පොඩ්ඩක් හිතන්න ඒගොල්ලෝ කතාවට නම් දක්ෂයි එත් වැඩ නැහැ
මුලින් ඕක ප්‍රසිද්ධ කරලා ඉන්නකෝ වෙන වැල් වටාරම් කියවන්නේ නැතුව. ලංකාවේ මිනිස්සුන්ට ඔය ගිවිසුම කියවලා හොදද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්.
ඡන්දෙට පෙර හෝ පසුව හෝ මෙවැනි ගිවිසුම් ඕනෑම නැත.
ජනතාවට නිකුත් කර ඇති ලේඛනයේ 12, 13 පිටු අඩු බව කාරුණිකව සලකන්න
බුදුසරණයි ගහපු ලොරියේ හොර හරක් අදිනවා වගෙයි.
ගිවිසුම් ගැන අපිට කියන්න එපා උඩරට ගිවිසුම කොයි තරම් සාදාරන ගිවිසුමක්ද අන්තිමේ කිරි දරුවන් කඩු තුඩේ අමුණලා මැරුවා. ඒ ලගට පරංගි ගිවිසුම් ගහලා රටම වැනසුවා.
එතකොට ඡන්දෙන් පස්සේ අලෙවි කරනවා ?