(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳව ඉදිරි සති දෙකක් ඇතුළත විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අයි.එම්.එෆ් මණ්ඩලය සහතික කරන තුරු මූල්‍ය අරමුදලේ එකඟතාවයන් ඉදිරිපත් කරන්න බැරි බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී සුමන්තිරන් මහතා විමසූයේ ශ්‍රී ලංකාවේ පවතින දූෂණ වංචා රට ඉදිරියට යාමට අභියෝගයක් බව අයි.එම්.එෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවයි.එම දූෂණ නතර කිරීමට රජයේ සැලසුම කුමක්දැයි විමසූ සුමන්තිරන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතිදැයි විමසීය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූයේ අයි.එම්.එෆ් සංවිධානය දූෂණ සම්බන්ධයෙන් ගෙනා යෝජනාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් අලුත් දූෂණ නීතියක් ඉදිරිපත් කරන බවයි. පාර්ලිමේන්තුවේදී එය සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙන බවද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd