IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳව  ඉදිරි සති දෙකක් ඇතුළත විපක්ෂයේ  මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය මණ්ඩලය දැනුවත්  කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයි.එම්.එෆ් මණ්ඩලය සහතික කරන තුරු මූල්‍ය අරමුදලේ එකඟතාවයන් ඉදිරිපත් කරන්න බැරි බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී සුමන්තිරන් මහතා විමසූයේ ශ්‍රී ලංකාවේ පවතින දූෂණ වංචා රට ඉදිරියට යාමට අභියෝගයක් බව අයි.එම්.එෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවයි.එම දූෂණ නතර කිරීමට රජයේ සැලසුම කුමක්දැයි විමසූ සුමන්තිරන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතිදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූයේ  අයි.එම්.එෆ් සංවිධානය  දූෂණ සම්බන්ධයෙන් ගෙනා යෝජනාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා  විසින් අලුත් දූෂණ නීතියක් ඉදිරිපත් කරන බවයි.   පාර්ලිමේන්තුවේදී එය සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙන බවද ජනාධිපතිවරයා කීය.



අදහස් (0)

ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site