
(අංජුල මහික වීරරත්න)
මේ වන විට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7%-8% මට්ටම දක්වා ගෙන ඒමට වෙහෙසිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම ගමනේදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයන්හි පුළුල් දායකත්වයක් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයන්හි ප්රමුඛ පෙළේ සංගම් කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
රටේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ පවතින සැබෑ විභවතාව ජය ගැනීමට රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලුම ව්‍යවසායකයන්ට ආරාධනා කළේය.
මෙම කාර්යය ජය ගැනීම සඳහා යෝජනා මෙන්ම ක්ෂේත්රයේ දැනට මතුව ඇති ගැටලු පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මණින් ඉදිරිපත් කරන ලෙසද ජනපතිවරයා ඉල්ලා සිටියේය.
මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත් ඉන් ඇතිවන ඩොලර් ඉල්ලුම පියවා ගැනීමට අපනයන ක්ෂේත්රයේ දායකත්වය හැකි උපරිමයෙන් රජය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රවලින් ලබාගත හැකි පුළුල් දායකත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd