තායිලන්තයේ 10 වැනි රජු ලෙස අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභාශිංසන සමඟ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් අද (19) තිළිණ කෙරිණි.
ජනාධිපතිතුමා වෙනුවෙන් බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් බෝධි අංකුරය තායිලන්ත රජු වෙත පිළිගන්වනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබිණි.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් ථෙරවාදි බුදුදහම සුරක්ෂිත කිරීම අරබයා ශ්‍රී ලංකා රජය ගනු ලැබු සුවිශේෂ පියවරක් ලෙස මෙම අවස්ථාව සනිටුහන් කෙරේ.
මෙහි විශේෂත්වය වනුයේ අභිසෙස් ලබන තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජ්‍යතාන්ත්‍රික තිළිණය ද මෙය වීමයි.
පසුව එම බෝධි අංකුරය තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධම්මාරම විහාරස්ථානයේ රෝපණය කිරීම තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මහතා සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු එරට විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් තම හෘදයාංගම සුභාශිංසන සමග පිළිගන්වන ලද මෙම උතුම් තිළිණය දෙරට අතර විශ්වාසනීය මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ නව සළකුණක් බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ සහ තායිලන්ත ප්‍රධාන සංඝනායක හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්