
(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එම කමිටුව අවම වශයෙන් මාස හයකට වරක්වත් රැස්වී ප්‍රගතිය සමාලෝචනය කළයුතු බවට ද ජනාධිපතිවරයා යෝජනා කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට අද (23) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් එම අභියෝගය ජය ගැනීමේ දී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක වැදගත්කම ද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කීවෙනි කමිටුවද පත් කරපු? යන විදියට කමිටු පත් කරන්න ප්‍රශ්නයක් නැති වෙයිද දන්නේ නැහැ.
මිනිහා හදා රට හදන්න ගියොත් තමයි හොද මොකද මේ වනවිට ලංකාවෙ ගංගා ඇළදොල ආශ්‍රිතව වැලි ගොඩදැමීම ඉවුරු කඩා මැණික් ගැරීමට බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපීම සිදුකරනවා මේවා නිසා පරිසර හානියක් සමග භූගත ජල සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා එයින් පරිසරයට විශාල හානියක් වෙනවා වගකිවයුතු අංශවල කිසිවෙක් මේවා බලන්නෙ නැහැ එහෙම වුනත් බොහෝ දෙනෙක් කරන්නෙ කොහොම හරි භූමිය විනාශ වුනත් ඛනිජ සම්පත් ගැනීම පමණයි ඒක නිසා තමයි කියන්නෙ මිනිහා හැදුණොත් රටත් පරිසරයත් හැදී කාළගුණය යහපත් වේවි කියලා සතෙන් සතේ රුපියල් හැදෙනවා බිංදු බිංදු එකතුවෙලා මහා සාගර හැදෙනවා එනිසා පරිසරය හදන්න ඕන නම් පොඩි පොඩි දේවල් වලින් ආරම්භ කරන්න තියෙනවා කියන නීති ක්‍රියාත්මක කරන්න වගකිවයුතු නිළධාරීන් ගැන අවධානය යොමුකර ආයතන ක්‍රියාත්මක කරන්න
හීන් නූලෙන් රුවන් ප්‍රොමෝට් කරනවා නේත ?
රටේ කමිටු පිරිලා.ඒත් රටටවත් ,ජනතාවටවත් සෙතක් නෑ .කමිටුවල අයටනම් හොඳයි .දීමනා ,වාහන ඉන්ධන වලට සල්ලි අපි ගෙවනවානේ
බිම් මට්ටමේ නම් කිසිම උපයමරගයක් පෙනෙන්න නැහැ , කැළණි ගඟේ වතුරටිකත් බින්දුවටම හිදෙනකන් පිනයි ගෝලයෝ ටිකයි කමිටු තිය තිය ඉඳි , දැනටමත් අපිට බොන්න එන්නේ බොර පාට වතුර