
(අංජුල මහික වීරරත්න)
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කේක් කපා උපන්දින සුබ පැතුම් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනක් අතරතුර මෙලෙස කේක් කපා උපන්දින සුබපැතුම් පිරිනැමීම සිදු විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ඉන්න දූෂිතම කතානායක කමට කේක් එකක් දෙන්න ඕනෑ. උපන් දිනයට නම් කළු කොඩි දාන්න ඕනෑ.... මේ වගේ කෙනෙක් ආවාට...
කේක් දෙන්නම වටිනවා ජනපතියාව රකිනවට?
ඔබලාට ඕවාට සල්ලි තියනවද? කේක් රහද?
කාපල්ලා, බීපල්ලා, ජොලිකරපල්ලා... තව ටික දවසයි... කේක් කන්නේ..,අපි ඔයාලාව ජේල් එකේ දාලා නවතින්නේ... කරපු අපරාධවලට...