(යොහාන් භාසුර)
ජපානය, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙමින් ශ්‍රී ලංකාවට ණය දීමට අදාල සමුළුවේ සම සභාපති ධූරයේ කටයුතු කිරීමට එකඟ වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ජපානය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සමස්තය බොරුවෙන් පිරුණු ජනතාව මුලා කිරීමට ගත් උත්සහයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (7) පැවසීය.
එම ප්‍රකාශය කළ වාහාම ජපානය එවැනි එකඟතාවක් නොමැති යැයි නිවේදනය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා එකඟ වෙන්න යැයි ඉල්ලීමක් කළ බවට ප්‍රකාශය වෙනස් කර ඇති බව කී ජයගොඩ මහතා එම ප්‍රකාශයේදී ජනාධිපතිවරයා පැහැදිළිවම ජපානය එකඟ වීම මහ ජයග්‍රහණයක් යැයි පැවසූ බව ද සඳහන් කළේය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජාත්‍යන්තර ජය ගැනීමට නොහැකි යැයි ජිනීවා සමුළුවේදී ලැබූ පරාජයෙන් වඩාත් පැහැදිළි වන බව කී ජයගොඩ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ජිනිවාවලදී ඉතිහාසයේ ලැබූ අඩු ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 7 ක් පමණක් ලබා විරුද්ධව ඡන්ද 20 ක් ලැබූ බවත්ය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
134 දෙනාගේ පැවැත්මට පත්කර ගත්තු පින් ජනපතිගෙන් රටට වැඩක් වෙන එකක් නැහැ...!
ශ්‍රී ලංකාව ජිනීවාවලදී ඉතිහාසයේ ලැබූ අඩු ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 7ක් පමණක් ලබා විරුද්ධව ඡන්ද 20ක් ලැබීමට සහ ජිනීවා සමුළුවේදී ලැබූ පරාජයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයද වගකිව යුතුවේ...!
කවුද මෙයාට අධ්‍යාපන ලේකම් කමක් දුන්නේ. ඔවුන්ම පක්ෂ හදාගෙන ඔවුන්ම ලේකම් වෙලා ඔවුන්ම කියනවා. අධ්‍යාපන ලේකම්ගේ හැටි විතරක්... මොවුනුයි, ජවිපෙ කාරයිනුයි තමයි රට කන්නේ. මොවුන්, ජවිපය, ආනන්ද පාලිත, ජෝෂප් ස්ටාලින්, ජයසිංහ, IUSF එක, GMOA එක, අනෙක් සියලුම යූනියන්ස් තමයි මේ රට කන්නේ.. කෑවේ... !
සුපුරුදු පෙරටුගාමී මෝඩ කතා...!