(ඩයනා උදයංගනී)
එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් නව පුළුල් සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඒකරාශී කරගනිමින් පිහිටුවන එම සන්ධානය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන වෙත තමන් ආරාධනා කරන බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
මෙම සන්ධානය සඳහා සුදුසු ලකුණක් පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව කී මහලේකම්වරයා එයට පොදු නමක් යොදාගැනීමට හා පොදු ව්‍යවස්ථාවක් සකස් කිරීමට පියවර ගන්නා බව ද කීවේය.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිතුමා ගත් තීන්දුව සම්බන්ධයෙන් අධිකරණය ලබාදෙන තීන්දුව දෙස බලා සිටින බව කී මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ලැබෙන තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
එම තීන්දුව අනුව මහ මැතිවරණයකට යා හැකිනම් එයට සූදානම් වන බව කී මහ ලේකම්වරයා මහ මැතිවරණයකට යා නොහැකි නම් බහුතර බලය හිමි ආණ්ඩු පක්ෂයක් ගොඩනගන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසු ලකුණ මෙතන ලිව්වොත් වැඩක්වෙන එකක් නැහැ....
ඔබ මෙතෙක් අපේ රටට කළ දේවල් දැක දැක අපි ඉන්නේ අාපහු ඔබ ඡන්දය ඉල්ලගෙන එනකල් තමයි. එන්න දෙන්නම් හොඳ කතිරපාරක්...!
වැඩේ කෙලවෙලා වගේ.... කෝ දැන් පොහොට්ටුව නැද්ද?
රටට කරලා තියෙන විනාශය නිසා එ්කත් විනාශ කරන්න සන්ධානයක් හදපල්ලා...
සිරිසේන නාමය අමරණීයයි. ඔබතුමාම ජනාධිපතිකමට සුදුසුයි.
මානසික අාබාධිතයින්ගේ නව ජාතික සන්ධානය...
ඔය සන්ධානයට පොහොට්ටුවේ කට්ටිය එයි කියලා තමා අපටත් බය. එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන වෙනත් පක්ෂයකට බැඳීම නීත්‍යානුකූලද? එහෙම කට්ටියට දැන්නම් අම්ම මුත්තා කීවත් විනයානුකූලව කටයුතු කරන එකක්නම් නැහැ. මේ දඟලන්නේ ඒ ගොල්ලන්ගේ පිහිටෙන් ගොඩ යන්න වගෙයි අපට නම් පෙනෙන්නේ...
මොනවා කිව්වත් ඔබතුමා නියම නායකයා බව අනාගතයේදී මෝඩයින්ට තේරෙයි. එ්කනිසා ඔබතුමා සමග උගත් ජනතාව ඉන්නවා... ජයවේවා!!!
හොර තක්කඩියන්ගේ සන්ධානය...
රජවීම සදහා කරන නිමක් නැති " සිරිසේන නියාය " රටට ආදරය කරනවා නම් කරන්න ඕනේ සන්ධාන හදන එක නෙවේ. මේ ව්‍යවසනයෙන් රට මුදවා ගන්න එක මෙයාගේ මොලේ අමාරුවක්ද කොහෙද?
සිරිසේන නාමයම රටට හෙනයක්... සියලුම චෝදනාවලට රාජපක්ෂ පිළිතුරු දිය යුතුයි. රටේ ජාතික ධනය අම්මගෙ, අප්පගේ බූදලයක් නෙවෙයි. සියල්ල කරලා සුදුත් ඇඳගෙන පන්සලුත් යනවා...
එලඑල ඔහොම්ම එන්නකෝ ඩබලම...
එතකොට රනිල්ගේ සන්ධානයට මොකක්ද කියන්නේ? දෙමළ සන්ධානය රනිල්ට සහය පල කරන දමා ඇති කොන්දේසිවලට ඔබලාත් කැමතිද? 2015 ඡන්දය දුන් ජනතාවගෙන් 42% අකමැතිව තිබියදී 45% ඡන්ද ලබාගත් රනිල්ගේ හිතුමතේට ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් ඉටුකරන්න රනිල්ට අයිතියක් තිබෙනවාද?
පොදුජන පෙරමුණ බිහිවීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ විනාශයේ වගකීමෙන් ගැලවීමට ජනාධිපතිතුමාගේ සට කපට ක්‍රියාවෙන් පොහොට්ටුව විනාශකර එක්සත් ජනතා සන්ධාන වෙනුවට එයට නව නමක් දී ඒ සංධානයේම නායක වී පරණ තැනටම ඒමේ ක්‍රියාවට පොදු මහත් ජනතාවම එයට කැමති වේවිද කියලයි සැක...
සුදුසුම සලකුණ තමා "අාප්පය".
මෙයාගේ නායකත්වයෙන් එන්න මහින්දට පිස්සුද? තියන ඡන්ද ටිකත් නැතිවෙයි. වෙනම ඉල්ලලා ඕනෑ වුණොත් පසුව එකතු වෙන්න. තවත් ලණු කන්න එපා.
කොන්සේර්වටිව් පක්ෂය
කටුස්සා ලකුණ සුදුසු බව මගේ අදහසයි... තහනම් වචනය ආප්පයයි.
මොන පෙරමුණවල් හැදුවත් මොනවා කළත් ඔය කට්ටිය පරාදයි හොඳේ... ජනතාවගෙන් උසාවිවලින් ප්‍රතික්ෂේපයි ලෝකෙන් ප්‍රතික්ෂේපයි.
කරුණාකරලා ඔය මෝඩතකතීරු සෙල්ලම ගෙදර ගියා නම් තමයි වඩා හොඳ...
ඡන්ද ලකුණ හැටියට "අත" එපා... "පොහොට්ටුව" එපා.... "ආප්පය" ළඟ "කළු කෝපි" ලකුණ නම් නියමයි..! ප්‍රධාන කාර්යාලය සඳහා අංගොඩ මානසික රෝහලේ හිස් වාට්ටුවක් ඉල්ලාගන්න..
ලංකාවට නිදහස ලැබී අවුරුදු 30 යි කියපු කෙනෙක්වද නායකත්වයට ගෙනෙන්න හදන්නේ ?
ලබන ඡන්දයෙන් ජනතාව කරන්නේ සුදුසු අය පත්කිරීම නොව, ඉන්න බල- පෙරේත, ජනතා ද්‍රෝහීන්ව සදහටම එලවා දැමීමයි.
සත්‍යය පිළිගැනීමට තරම් විචාර බුද්ධියක් නැති මිනිස්සු අනිත් අය මෝඩයන් හැටියට හඳුන්වන බව සමහර කොමෙන්ට්වලින් පේනවා. සාමාන්‍යයෙන් මෝඩයා හිතන්නේ තමා හරි බුද්ධිමතෙක් කියලයි! මේ ජනාධිපතිතුමා ඇත්ත වශයෙන්ම ඉතිහාස ගත විය යුතුයි. ඒ මොන හේතුවක් නිසාද කියා කියන්න ඕන නැහැනේ?
ඕක අරමුණු කරගෙන ද මේ වියවුල් සහගත දේශපාලන පරිවර්තනය කළේ? හිටපු අගමැති ඉවත් නොකර සන්ධාන ඇමතිවරු පමණක් ඉවත්කරගෙන ජවිපෙ හා ටීඑන්ඒ සහායෙන් එජාපයට ඉතිරි ආණ්ඩු කාලය ගෙනයන්න දීල ඕක කරන්න තිබුණණෙ. එහෙනම් මේ දේශපාලන අවුලත් නැහැ. විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධන අනුමත වෙන්නෙත් නැහැ.
අපේ ගමේ වේද මහත්තය ලවා ඔලුව පරීක්ෂා කරලා ඉස කුඩිච්චියක් දම්මවාගන්න ...... මොලේ අමාරු කාරයන්ට ප්‍රතිකාර කරන්නේ එම වේද මහත්තය තමයි........අත්දුටුවයි....ප්‍රත්‍යක්ෂයි
මගේ ඡන්දෙ මෙදා ජවිපෙට...
මුළු රටක් අවුල් කරමින් සිරිසේන උන්නැහේට ජනාධිපති අපේක්ෂයකයා කරන්න ලෑස්ති වනබව මේ ප්‍රකාශවලින් පෙනීයනවා...
එතකොට ඔබතුමා හිතන් ඉන්නේ මහින්ද මහත්මය ඇතුළු පොහොට්ටුවේ නායකයින් පිරිස "අනේ සර් ඔබතුමා තමා නියම සුදුස්සා, මේවා ඔක්කොම ඔබතුමාම බාරගන්න කියලා" පොහොට්ටුව ඇතුළු සන්ධානයේ නායකකම ඔබතුමාට දීල, 2020දී සන්ධානයේ ජනාධිපති අපේක්ෂකකමත් ඔබතුමාටම දීලා, මැද මූකලානට වෙලා විවේක සුවයෙන් ඉඳීවි කියලද?
මෙන්න අපිට විනෝදසමය පෙන්වන්න යනවා. ඇනස්ලි, බර්ටි සැමුවෙල් මහත්වරු කරලියේ නැති හින්දා ඒ පුරප්පාඩුවට අයදුම් කළ උදවියත් ඉන්නවා එහෙනම්...
මම යෝජනා කරනවා ඉඳිඅාප්ප ලකුණ... කවුරුත් විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ නේද? හැබැයි " කලවැද්දත් " නරකම නැහැ...
මුළු ලෝකයටම විහිළුවක් වුණු අපේ මේ පාර්ලිමේන්තුව අවසන් ගමන් යන්නේ කවද්ද?
මහාචාර්ය තුමෝ නිර්පාක්ෂික වෙන්න ඉන්න කෙනාට කරදර කරන්නේ ඇයි?
ඔබතුමාට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවෙලා, දැන් කරන්න තියෙන හොඳම දෙය, පාර්ලිමේන්තුව නැවත කැඳවල වැඩි බලේ තිබෙන කණ්ඩායමකට ආණ්ඩුව කරන්න දීල, හෙමිහිට සද්ද නැතුව වෙන්නේ මොකද කියල බලාගෙන ඉන්න එකයි. තවදුරටත් පිස්සු නැටුවොත් 2019 වෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා නඩු දෙකතුනකුත් වැටිලා අවසානේ හිරේ, විලංගුවේ වැටෙන්න වෙන්නත් පුළුවන්... උඩින් හිනාවෙලා හිටියට ඔබතුමා 2015දී කළ වැඩේ නිසා පොහොට්ටු කාරයෝ ඉන්නේ ඔබතුමා එක්ක විශාල වෛරයකින්, එජාපෙ ස්ථාවරයත් එයට වැඩි වෙනසක් නැහැ. ඔය දෙකෙන් මොන එක බලයට ආවත් 2020දී ඔබතුමාගේ ජනාධිපතිකම නැතුව ගියොත් ඔබතුමා අමාරුවේ. දැන් ඉඳලම විශ්‍රාම ගියාම දේශපාලන රැකවරණ ගන්න පුළුවන් රටක් හොයාගන්න එක නුවණට හුරුවේ..