( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
දඹර අමිල හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කාර දඹර අමිල හිමි සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ ඉකුත් ඔක්තෝබර් මස 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදනවලට පටහැනි බවය.
මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාර දඹර අමිල හිමි පෙත්සම් විභාගය අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(ඡායාරූප- ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් මේ ගොල්ලෝ මොන පැත්තේද කියලා හොඳටම තේරෙනවා!!! මේ ගමන පාර්ලිමේන්තුව පවත්වන්න එපා කියලා කවුරුවත් නැහැ.
අපේ රටට ලැබුණු තවත් පිළිකාවක්. හාමුදුරුවන්ට තියෙන්නේ රටේ ජනතාවට දහම් දෙසලා හරිමගට ගැනීම සහ ශාසනයට යහපත් වැඩක් කිරීම යනාදි දේ... දැන් තරුණ පරපුර සමහරු පොඩිදේටත් පිහිවලින් උත්තර දෙන්න තරමට සාහසික වෙලා. එ්ත් මේ අයට ඒවායේ කිසිම ගණනක් නැහැ. ලැබෙන ඩොලර් කුට්ටිවලට වැඩ කරනවා ඇරෙන්න...
රොස්මිඩ් පෙදෙසේ තිබෙන අර්ධ රාජ්‍ය කාන්තා පාසලට ළමයි ඇතුළත් කරන්නත් ලක්ෂ ගණනින් අයකොට අාදායම් ලබනවා. එහෙව් පුද්ගලයක් මේ...
බොරුවට සිවුරු පොරවාගෙන ඉන්න මේ අය රටටම පිළිකාවක්. බුදු දහම විනාශ කරන්නන් ගෙදර යැවිය යුතුයි.
චීවරධාරීන් කියලා ආමන්ත්‍රණය කල යුතු පුද්ගලයින් වෙලා..
ගිහියෝ බයේ නකුට කකුල් අස්සේ ගහගෙන ඉන්නවිට හරිදේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත් කොන්ද කෙලින් තියාගෙන නිර්භීතව කටයුතු කරන ගරු යහපාලන සග රජුට යහපතක්ම වේවා. නඩු හබවලින් බේරෙන්න හොර රජාගේ නකුටේ එල්ලිලා හොරුන්ගේ දඩ මුදල් ගෙවන්න සිඟමනේ ගිය හොරුන්ට ඔබවහන්සේට නොයෙකුත් දේ කියනවා.. නමුත් බුද්ධිමත් ජනතාව ඉන්නේ ඔබ සමගයි.
මෙයා ඉල්ලන්නේ සාධාරණ සමාජයක්. එහෙනම් ඉල්ලනවකෝ මහජනයාට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඡන්දයක්. ඊටත් වඩා සාධාරණයක් තිබෙනවාද හලෝ? එජාප ලොක්කෝ බැංකුව කොල්ලකාපු වෙලාවේ කාගේ ඇඳයටද හිටියේ..? කප්පරක් බදුගහන කොට ඔහේ කොහෙද හිටියේ? එතකොට ඔය සාධාරණ සමාජය කොහෙද?