(සුජිත් හේවාජුලිගේ)
ඇමැතිධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි තීරණයක් ගෙන ඇත.
ජනාධිපතිවරයා ඇමැතිධුර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
කැබිනට් ඇමැතිධුර 10 ක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙයට පෙර ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැතිධූර ලබාදීම ප්‍රමාද කරමින් සිටින තත්වයක් දක්නට ලැබෙන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
" ඇමැතිධුර දෙනවනම් දෙන්න. නොදුන්නත් ගැටලුවක් නැහැ. අපි අපේ වැඩ ටික කරගෙන යනවා.කොහොම නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු පාලන කාලයේ ඉතිරිය කරගෙන යන්න විතරයි" යැයිද ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මුලින්ම අයවැයට පෙර ඒ ඇමැතිධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි පවසන එම ප්‍රකාශකයා ඊට පසු නිදහස් දින උත්සවයට ප්‍රථම ඇමැතිධුර දෙන බව සඳහන් කළේ යැයිද පැවසුවේය.
එහෙත් ඇමැතිධුර ලබා දීමක් සිදු නොවූ අතර ඊට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණු පසු ඇමැතිධූර ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ඇමැතිධුර ලබාදීම ප්‍රමාද කිරීම පිටුපස වෙනත් යටි අරමුණක් ඇති බව එම පක්ෂය තුළ කතාබහක් පවතින්නේ යැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ දැන් සැපද..!!!
හොරාකාලා, ගසාකාලා පුරුදු අයට ඇමැතිකම් නැතුව අමාරු ඇති. අලි බබා සහ හොරු හතළිහ ආණ්ඩුවේ හිටපු අය ගැන කවර කතාද?
රට කාපු අයට ඇමැතිකම් දුන්නොත් දීපු එකත් ඉවරයි ගත්ත එකත් ඉවරයි. පොහොට්ටුවත් ඉවරයි.
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනම නැහැ කියලා තියෙනවා. ඉතින් රනිල්ට හිතෙනවා ඇති ඇමැතිවරු සිටින ප්‍රමාණය ප්‍රමාණවත් කියලා රටේ ජනතාව වුණත් තවත් ඇමැතියන් පත්කිරීම අනුමත කරන්නේ නැහැ.. ජනාධිපති ඉන්නේ ජනතා මතයේ නිසා රටට බරක් වෙන්න වැඩ නොකරාවි කියලා හිතෙනවා...
කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක හිමිකරුවෙකුට, පොහොට්ටු ඇමතියෙකුගේ ගෝලයෝ පහරදීමෙන් පසුව එම කම්හල වසා දැමීමට හිමිකරු කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. එනිසා වෙන්නේ දහස් ගණනක් සේවකයින් සඳහා රැකියා අහිමි වීමක් තමයි. එයට අමතරව රටට විදෙස් විනිමය හා විදෙස් ආදායම් අහිමි වෙනවා. ජනාධිපති තවත් පොහොට්ටු ඇමැතියන් පත්කළොත් රටට මොනවා වෙයිද අපේ හාමුදුරුවනේ...!
රටේ ධනය වංචාවෙන්ම සූරන් කෑ මේ කාගේවත් සේවය රටට අනවශ්‍යයි. හැකි ඉක්මණින් මේ හැතිකරය පන්නා දමමු.
සූත්තර පුංචාගේ ගැටවලට අහුවුණු ගොන් බයියන් රැල දැන් ගලේ පහරපු බලල්ලු ගානට වැටිලා, ඔබලාට යන එන මං නැති කරලා තමයි එයා පස්ස බලන්නේ.
ඇමැති ධුර නොවේ... ආණ්ඩුවයි, ජනාධිපතිකමයි, තුනෙන් දෙකේ බලයයි තිබිලා කරපු හරිය මදැයි. දැං ඉතින් මොන කෙං ගෙඩියක් කරන්නද?. ඊළඟ මැතිවරණයෙන් අතුගෑවිලා යනවා මිසක්...
හොඳ වඩේ. බයියන්ට දැන් සැපද..?
මේක තමයි රටේ දේශපාලනය. ඇමැති ධුර ගන්නේ රටට වැඩ කරන්නද ? නෑ... පුළුවන් තරම් හම්බකර ගන්න. මේ ආකල්ප වලට පක්ෂ භේදයක් නෑ.
දෙන්න එපා...
කාටවත් ඇමති ධූර දෙන්න එපා. තියෙන ඇමැතිධූරත් අඩු කරන්න. ඔබතුමා තව වසර 5 ක් බලයේ ඉන්න. දෙන්න එපා ඇමැතිධුර...
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බලලෝ කියුවලුනේ...!
ජනතාවට දෙන්න අපි මෙයා පත්කළා... අන්තිමට මෙයා අපිට වැඩේ දුන්නා...
නුඹලාට ඔහොම තමයි වෙන්න ඕනෑ. ජනතාව නුඹලාට හිතාමතාම දෙයි කෙළ වෙන්නම...
ජනතාවට කන්න බොන්න නැහැ... තවත් ඇමැතිවරු කුමටද? මේ දෑස මක්කටෙයි...!
පොහොට්ටුවන්ගේ හේතුව ඉතා පැහැදිලියි... පට්ටපල් හොරු කියලා දන්න නිසා වෙන්නැති තනතුරු නොදෙන්නේ...
මේ වෙලාව ඇමැතිකම් දෙන වේලාවක් නොවෙයි. තිබෙන ඇමැතිකම් හොඳටම ඇති කියලා රනිල් තේරුම් අරගෙන තියෙන්නේ... ඉන්න පුළුවන් නම් ඉඳපල්ලා... බැරිනම් ඒත් ඉඳපල්ලා..
ඉන්න අයත් වැඩි දෙනෙක් හොර දූෂිතයින්. කප්පම්කාරයින්,... ඔය වගේ තව කීපදෙනෙක්ම ඉන්නවා. හරි නම් ඔය දූෂිත දේශපාලුවන්වවත් අයින්කරලාම දාන්න වටිනවා.
ඔය මග කෑල්ල නැතිව තමා ඕක හරි...
නියමයි.. දෙන්න එපා එකක්වත්... ඔවුන් රනිල්ව පත්කළේ රටට ඇති ආදරයකට නෙවෙයි. ඇමැතිකම් ගන්න. දැන් සැප ඇති...