
(සුජිත් හේවාජුලිගේ )
යම් නායකයකු තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහ පැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවන විට ඒ නිලධාරීන්ද ඒ ප්‍රධානින් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය
එලෙස කටයුතු කිරීම සාර්ථක නායකත්වයක ප්‍රධාන ලක්ෂණයක් බව පැවසූ ජනාධිපතිවරයා එය ප්‍රගුණ කරන ලෙස ගුවන් හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ගුවන් හමුදා අධිකාරිලත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාළිය අමතමිනි.
මෙම පෙළපාළිය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (29) පෙරවරුවේ පැවැත්විණ.
වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේදී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේදී කළ මෙහෙවර ජනාධිපතිවරයාගේ ඇගයීමට මෙහිදී ලක්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කියන්නේ ඔය කියන එකක්වත් එයාට නැහැ...
යම් නායකයකු තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවනවිට සහ ඔවුන්ගේ ක්‍රියාවන් අගය කරණාවිට ඒ නිලධාරින්ද ඒ ප්‍රධානින් වෙනුවෙන් හෝ සේවා ආයතනය වෙනුවෙන් පියවර කිහිපයක් ඉදිරියට ගොස් කළහැකි ඔවුන්ගේ සේවය ප්‍රමාණයට වඩා ඉටුකරන බව සත්‍යයකි..
කතාව සහතික ඇත්ත. නායකයා ලෝකෙට ණයවෙනවා. අපි කඩවල් වලට යටවෙනවා.
මට නම් හොඳටම හිනා මේවට...!
මාධ්‍ය සාකච්චාවකට මුහුණ නොදෙන ලෝකයේ එකම රාජ්‍ය නායකයා ගෝටාභය...... මැතිවරණයට පෙර නම් අපි දුටුවා මාධ්‍ය සාකච්චාවලින් ඔහු අසරන වූ ආකාරය. නයා එවනවා කිව්වේ දියසේන නමුත් එව්වේ ෂෙඩ් එකේ නන්දසේන...
ඔක්කොටම කලින් කෙලින් ගන්න කොන්දක් තියෙන්නේ ඕනේ
අප තරයේ විස්වාස කරන්නේ සාර්ථක නායකු යනු සැමගේම අදහස්වලට ඇහුන්කන්දෙන, ප්‍රායෝගිකව සැමටම, සෑම අතින්ම ආදර්ශක් වෙමින් කථාව අඩුවෙන් සහ වැඩියෙන් වැඩ කරන දුරදක්නා ඥානය හොදින් ප්‍රගුණකළ , නිහතමානි, "ප්‍රයෝගිකවම අවංකකම ප්‍රගුණ කල" සහ අවශ්‍ය අවස්ථාවලදී අදාළ ස්ථානයේ දියුණුවම වෙනුවෙන් ( මොන "නපුන්ෂකයා" උද්ගෝෂණ , වැඩවර්ජන කරත් ) දැඩි තීන්දු තීරණ ගැනීමට පසුබට නොවෙන අනිකාට එක ශාතෙකවත් බරක් නොවෙන, අනුන්ගේ රෙදිවල තිබෙන අසුචි පිලිබදව කතා නොකරන පුද්ගලයකුටය. අවාසනාව නම් නායකයන් යයි තමන්ම හුලං පුම්බාගත් පොල් බුරුවන් 99.99999% ම සිටින්නේ අප රටේවීම අරුමයකි. අප රටේ දැනට තිබෙන "සියලුම පක්ෂවල" සිටින්නේ වැඩිපුරම "වාචාල කම" පිලිබදව උපාධිය ඉහලින්ම සමත් අනුන්ගේ කුණුම කහාකරන "වලත්ත බල්ලන්ය". මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව අප රටේ තිබෙන සියලුම පක්ෂවල මම ලොක්කා මම නායකයා, මම බොස් කියන "මලපෙරේත නපුන්ෂකයන්ට" කියවීමට හැකි වේවා ...අපගේ මව්බිමට යහපතක්ම වේවා....
ස්තූතියි කිංස්ලිගේ අසාර්ථක උත්පසාහයට.
ඉතියෝපියාවටත් වඩා පහලට වැටුනු රටකට මීටවඩා දක්ශ නායකයෙක් කොයින්ද.
ඔවා දෙනු පරහට ,තමා සම්මතයේ පිහිට සිට
"අවවාදයට වඩා ආදර්ශය උතුම්" කියලයි මම නම් අහලා තිබුනේ සර්.
ඉතින් ඔය විදියට රට පාලනය කරන්නකෝ. ගොබ්බ වෙන්නේ නැතුව.එතකොට සර් පාස්.
සාර්ථක.....?
කටමැත දොඩන්නට පෙර කොරලා පෙන්නුවොත් නේද හරි මග.
වසලයෙක් රජ වුණොත්, ඒ රටම විනාශ කර බොරු පම්පෝරි ගසනු ඇත. එවැනි රටක් නම්කර හාල් 1kg ක්, පෙට්‍රල් 100g පැකට් එකක්, සිමෙන්ති 1kg ක් සහ 1$ක් දිනාගන්න... ඔහු හෝ ඇයට බැංකුවට ගොස් අමතර රුපියල් 10ක් ලබා ගැනීමට අවස්ථාවක් ද උදාවනු ඇත...!
සර් පාස්ද? කවද්ද පී.එච්.ඩී. එක ඉවර කළේ?
සාර්ථක නායකයෙක් කියන්නේ මම වගේ වැඩ අනාගන්නේ නැති කෙනෙක් කිව්වානම් ඉවරයිනේ...
නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ... !!!
රටේ නායකයා හැටියට මේ මනුස්සයා කියන ඒවා පත්තරේ දාන්නම ඕනෑ නම් කරුණාකරලා පින්තූර නැතිව දානවද? මොකද මේ අය දැක්කාම වමනෙට එනවා. ස්තුතියි.!
ඔබතුමා දකින කොටත් අපිට හරිම ආඩම්බරයක් ඇති වෙනවා. ඔබතුමාගේ අභීත නායකත්වය අද ලෝකයම පිළිගන්නවා.
ඔබතුමාට ඒ අහලකටවත් ළංවෙන්න බැහැ.
ලංකාවට නෙවෙයි, ලෝකෙටම නායකත්වය දෙන්න වුණත් ඔබතුමා සුදුසුයි.
සාර්ථක නායකත්වය පිළිබඳව ඔබතුමා ගැන නම් බොහෝ දේවල් කියන්න පුළුවන්. කොහෙන්ද පටන් ගන්නේ කියන එක තමා අවුල...!
අපේ පැත්තෙ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා.